Friday, August 22, 2014

මියෙන්නට මොහොතකට පෙර


හඬන්නත් කඳුලු හිඟ
ගිම්හානයේ ඉම
සුවඳ කැවු මතක සර
බොල් වු හිත පාරවන,

පිපෙන්නට පෙරම මියැදුන
මියෙන්නට මොහොතකට පෙර
සුවඳ බිඳුවක් ඉතිරි කරැ ගිය
වසන්තය මලක් විය...

ඒ සඳ නෙවේ වෙන්නැති
ලා පාට සලුවකින්,
රාත්‍රිය වසා නොවසා
රිදී පෑ හීනයෙහි පලුදු රිදවා ගියේ....
සඳනම් නෙවේ වෙන්නැති!

වචන නැති කතාවක
චරිත මේ ළඟපාත
වචන තහනම් හිතට
අත්තටු ලදත් කුමකට

රබර් කොල තාම නාඹර
අසාගන් මේ කඳුලෙහි වචන
මගේ පුතු අපි නොදැන
හැදෙද්දෙන් මිනිසෙකු විලස

නිමිත්ත මෙතැනින් : නුවර කුමාරි http://upekshad.blogspot.com/

කාන්ති - 01 http://upekshad.blogspot.com/2014/08/01.html

කාන්ති - 02 http://upekshad.blogspot.com/2014/08/02.html