මම
පිපෙන්නට සිතමි....
පෙති මත වැතිර - චුම්බන පුදන
පිණි කැට ගැනත් - සිහිනෙන් දකිමි....
සුළඟට මුසුව - නටුවට බරව
තරවටු කරන - දුහුවිලි සිහිව....,
......
.....
....
...
..
.
සිහිනය මරමි!
දුක අමතකව- හිත යලි හැදෙන
තව දවසකදි- මදහස නගමි.....
නව සිහිනද දකිමි!
නැසු සිහිනය සිඹිමි!
මුරන්ඩු හිතට - තරවටු කරන
හදවත සොයා - සෙනෙහෙන් බැඳෙමි
මම
.
..
...
....
.....
......
පිපෙමින් සිතමි....