Friday, June 29, 2012

මම(සිතමි)



මම
පිපෙන්නට සිතමි....

පෙති මත වැතිර - චුම්බන පුදන
පිණි කැට ගැනත් - සිහිනෙන් දකිමි....

සුළඟට මුසුව - නටුවට බරව
තරවටු කරන - දුහුවිලි  සිහිව....,
......
.....
....
...
..
.
සිහිනය මරමි!


දුක අමතකව- හිත යලි හැදෙන
තව දවසකදි- මදහස නගමි.....

නව සිහිනද දකිමි!
නැසු සිහිනය සිඹිමි!

මුරන්ඩු හිතට - තරවටු කරන
හදවත සොයා - සෙනෙහෙන් බැඳෙමි

මම
.
..
...
....
.....
......
පිපෙමින් සිතමි....