Thursday, May 26, 2011

මඟබලමි




මුතු වැස්සට
පෙම් බැන්ද
හිතමඟබලන්

ආදරෙන්

ඉවසිල්ලක් නැතුව

ඇස් විතරද





අඬන්නේ
ඇහෙන්
කඳුලක් වැටෙන
ඇස්
විතරමඳ....

එතකොට
හැංගුන
හිත??

ඔබ



රිදෙනකොට හිත
කියවා රිදුන හිත
කඳුලටත් අරුතක් දෙන
කවිය ඔබමය
හිතේ ලියවෙන

Wednesday, May 25, 2011

රවටන (රැවටුන)


පේන දසුනට ලෝබ වෙන හිත
ඇතුලාන්තය මඟ හැරෙන තුරු
හීන ලෝකෙක පාට අතරේ
නොදැනීම දුර මංමුලාඋන

පේන්නට මුව සිනහ දවටන්
හදවතින් දඩුවම් විඳින අය

Friday, May 20, 2011

වෙසක් පැතුම්



නිවී සැනසේවා සෑම සිත්
බෝ මලුවෙ සිල් සුවඳ සේ.,
එලිය වේවා නැණස පෑදී
දැල්වෙනා පහනක් ලෙසේ....

පිපෙන, පරවෙන පියුම් මෙන් වූ
සසල වෙන මේ ජීවිතේ.,
සිතට සැනසුම ලැබේවා නිති
බුදු නෙතෙහි මෙත් සිහිල සේ....

සිත් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යක් වේවා!!
මැයි 17

බෝ දුරයි ජීවිතය



ජීවිතයෙ මාවතේ
නුහුරු වූ මංසලක,
හීන ඇඳි හිත් ඉමෙහි
පාට ගෑ දේදුන්න....

කාලයේ වේගයට
තටු ලැබී ඉගිලෙද්දි,
අතීතයෙ ඉසවුවක
නතර උන වසන්තය....

විඩාපත්-පියාපත්
මලානික වූවාට.,
දිරි සිඳුන නිමේෂෙක
ඇසිල්ලක ඉසිඹු ගෙන

හදගැස්මෙ සායමින්
පණ පොවමි හෙට හිරුට.,
නොනැවතී යා යුතුයි
බෝ දුරයි ජීවිතය....

වෙනසක අරුම



සුදු ගවුමෙ දැවටිච්ච දඟකාර අතීතේ
මංසලක නැවතිච්ච දේදුන්නෙ පැහැ අතර
සුරංගන කතාවක නොදුටු රස මම විඳිමි
ආයෙමත් නේන ඒ සොඳුරු පෙරදවස තුල

දඟකාර සිත් පිරුණ අහිංසක සිතුම් ළඟ
එක්ව බැඳි මිතුරු බැමි සවිය විය දිරිය දෙන
කාලයේ වේගයට අතීතෙට එකතු උන
බාලිකාවේ සුවඳ තවම සුරකී මහද

දුරස්උන සිලිලාර මල්සමය මතක්කර
කඳුලකින් නෙත් තෙමන මතක මංසල අසල
ජීවිතේ අරුමයට අරුත් පබඳින දවස
ගෙවුනු  සත් වසරතුල මැවුනු වෙනසක අරුම

විදුමවුගෙ උනුහුමේ ජීවිතය අකුරුකල
පුංචි දඟකාරියන් නොවෙමු අද දකින අප
හෙටක් ළඟ මාවතේ දුරක් ඇති ජීවිතය
දිනන්නට සුභාසිරි පතමි හද ගැඹුරින්ම

සුභ මංගලම් මිතුරියේ
මැයි 19

ඔබ වෙනුවෙන්




නිසල පුළිගු පබලු අතර
දෝරෙ ගලන සෙනෙහෙ සිහිල
නීල අහසෙ මාල බැන්ද
සේල වියන වලාකුලක
විහඟ ගීත තාල වයන
සුළඟත් අද සිලි සිලියෙම
පාට ගෑව දේදුන්නට රහසින් පෙම්බස් මුමුණන

ඔබ වෙනුවෙන් පිපුන කුසුම
පරෙස්සමට හංඟාගෙන
පෙරුම් පිරූ මොහොතක් ළඟ
හිත හිනැහුනෙ ඒ විදියට
කොහෙදෝ නාදුනන තැනෙක
නතරවෙලා මුරන්ඩු හිත
සිතුවම ඇඳි සමනල තටු
හිතේ මවපු අපූරු රඟ

ඔබට ආදරෙන් ඔබ වෙනුවෙන්
මැයි 16

අම්මා


ඇය ගැන වචන අමුනාගන්නට මෙතරම් අපහසු මන්දැයි කියා ඈ ගැන යමක් අකුරු කිරීමට අරඹන හැම මොහොතකම මට හිතී ඇත. අම්මා ගැන මා ලියූ හැම නිර්මාණයකම මොකද්දෝ අඩුවක් මගේ හිතට දැනුනේ ඒවා හැම හොඳ අම්මා කෙනෙකුටම පොදුවේ බිහි වන සේ මට හැඟෙන නිසාය. අපේ අම්මා මට විශේෂිතය. මගේ ලෝකයේ හොඳම තාත්තා ඔහු වෙද්දී ඇය මගේ ලෝකයේ හොඳම අම්මාය. ජීවිතයේ රෝස යහනා මඟ ඇරී යද්දී අම්මාට උරුම උනූ හැම රලු මාවතකම ඈ දහිරියෙන් ගමන් කලාය.

මා මෙය ලියන්නේ ඔබ වෙනුවෙනි. ඔබේ 64වන උපන් දිනය වෙනුවෙනි. මේ වචන වලට ඔබේ ජීවිතය කියන්නට බැරිවෙනු ඇති නමුත්, ඔබ අපේ ජීවිතයේ අඩිතාලමය. ඔබ මතින් ගොඩනැගුන අප රඳා පවතින්නේ ඔබේ නොසැලෙන අආදරයේ මහිමය නිසාය.

සුභ උපන්දිනයක් අම්මේ මැයි 18



පැටවුන්ගෙ හද ගැහෙන ස්වරයට
හුස්ම ගන්නා මුතු කඳුල ඔබ.,
වැයෙන ස්වර ළඟ තාල මුමුනන
නිහඞ අසිපත දිදුල සියපත....

රිදෙන හදවත රිදවනා කල
සිනහ පැන් ඉස හුදකලාඋන.,
ආදරේ පිරි උල්පතයි ඔබ
කඳුලකින් ලය සතපවාලන....

ජීවිතේ තනි මංසලක් ළඟ
අතීතෙට ඇය පෙම් බඳී තව.,
සඳුන් සුවඳට තුටින ඉපිලෙන
වේදනාවට ආදරෙන් ඔබ....

තැබූ පියවර හිතේ දිරියට
ගැලු දහදිය මතින් ඉදිඋන.,
අපේ ජීවිත පිපෙන තාලය
ඔබේ සිනහවෙ ගීතයම විය ....

Tuesday, May 10, 2011

නඩු කියා අවසන්



ඉවසීම....බිංදුවටත් පහල ගිය මොහොතෙදි තරහ යාගෙන එද්දි තරහ අස්සෙන්ම හැමදාම හිතෙන් කියන ගාථා දෙකවත් ඒ වෙලාවෙ ඔලුවට ආවනම්.,

ඒත්, දැන් ගෙවුනු කාලය ආයෙ මවන්නද, හිත කොයිතරම් දුක් උනත්.... හැමදාම,  හැමදේටම වැරදිකාරි උන මං, මුරණ්ඩුකාරි උන මං, නපුරු හිත හිමි මං  ගැන නඩු කියා අවසන්....

රිදෙනම තැනක හදවතේ ඇන්න කටුව හරි මුවහත්.... ඇදල අයින් කරන්නත් බැරි, තවත් ඇතුලට අනින්නත්බැරි.... පැසවාවි ගැහෙනකල්, හුස්ම පොදකින් බැඳීම් මිඳෙනකල්.....

ඇඞුනෙ නෑ පුදුමයි, රිදුනෙ නම් හිතට.... වෙවුලද්දි, ගත මිරිකී අසරනකමේ වේදනාවෙන්

ගෝරනාඞු රැවුම් නෑ.... අද හරිම අමුතුයි.... රිදුන තැන මගෙ හදවතේ.... ඔය හදවතේ ඇන්දබව සලකුනු නොතේරුනානම් නොවෙයි......

කඳුල ඒ ඇසින් වැටෙන්නෙ කලාතුරකින්..... අද නම් වැටුනෙ අරං සුදු හුනු.... පළඳවාගෙන නිවැරදි කමේ ඔටුනුත්.....

දැන් ඉතින් අසරණ මගේ හිත විඳවපන්..... අවසාන තීන්දුව අවාසියි උඹට හොඳටෝම....හැමදේටම වැරදිකාරි උන මං, මුරණ්ඩුකාරි උන මං, නපුරු හිත හිමි මං  ගැන නඩු කියා අවසන්....

Friday, May 6, 2011

හරි සනීපයි



සිතුවිල්ලෙන් - සිතුවිල්ල.,
අකුරු කර, කැටයම් කරන කොට.,
Current යනවත් එක්කම
UPS එකත් Off උනාම.,
දැනෙන සනීපය!!
ටිකකින් Current ආවට,
Save නොවුන සිතුවිලි ගොන්න
අයෙ එනවද?..11

ආවත් හිතට හරි නෑනේ
උනු උනුවෙ ලියවුන එව්වා වගේම!!

මටමයි වෙන්නෙ...
සංසාරේ.....!!

Tuesday, May 3, 2011

සුදු මැලි (මියෙන දා)


මිතුරු සඳ කිරණ ළඟ
පිපුණ පොඩි කුමුදු මල
ජීවිතේ සප්ත ස්වර - අතරෙ තනුවක් ඇන්ද

හුදකලා නිමේශෙක
කොහේදෝ හිඳ පැමින
සෙමෙන් හදවත් දොරට - මතකයෙන් සන්කරන

නොදුටු කඳුලක් නෙතඟ
පිපුන වග නොහැංගුව
ඇසුන කඳුලින් කීව - කතන්දර දැනුනාද

රිදුන දා පිපුණ හිත
පැතු, පැතුම් කන්ද ළඟ
අමතකව ඇති නුඹට - ඇසුන දුක් කඳුලෙ හඞ
ජීවිතේ ඉසව්වක
නතරඋන පහන් සිල
නිවෙන්නට නොදී රැක - ගතයුතුයි සුළඟ ළඟ

බැඳීමක් රැඳෙන්නේ
දෑස මානයේ නම්
හදවතේ අඳුර තුළ - හුදකලා වෙමි තනිව

මියෙන දා මේ සුසුම
මල් වඩම් නැතිවාට
කන වැකුන දවසෙකදි - රිදේවිද ඔය හදට

සියුම් සුළඟේ දැවටු
සුදු මැලිවු පණිවිඩය
දැනුනදා මියෙමි මම - අත්නෑර ගැහෙන හිත

ඉංග්‍රීසි ගුරුතුමි

මම ශිශ්‍යත්ව විභාගය අසමත්! හපොයි! ඒක බොහොම බරපතල, ලැජ්ජ වෙන්න ඕන සිද්දියක්. හැබැයි මං හිත හදාගත්තෙ අපූරු විදියට. ලොකු අක්කල දෙන්නම ශිෂ්‍යත්වෙ පාස්. ෆේල් උනේ බාලම අක්කා විතරයි. මමත් පාස් උනානම් එයා පවු. දැන් අපි දෙන්නම ෆේල් නෙ, ඒක හොදයි!!

ඒ කාලෙ තියා සාමාන්‍ය පෙල පංතියෙදිවත් මම පංතියෙ තිහක් - හතලිහක් ළමයින්ගෙන් විසි දෙවෙනියට ඉහල අරං තිබ්බෙ නෑ එක වාර විභාගෙකදිවත්. කවදාවත් මගෙ ප්‍රගති වාර්ථා පොතේ දම් පාට මුද්‍රා තීන්තෙන් "ප්‍රසංශනීයයි" කියලා වැදිලා තිබ්බෙ නෑ.

හැමදාම ගණිතය භාර ගුරුතුමිගෙන් බැනුම්! දවසක්, ඒ මදිවට ඉංග්‍රීසි භාර ගුරුතුමි මුලු පංතිය ඉස්සරහ මට ඇඟිල්ල දික් කරලා කිව්වා.,

" ඔයා අම්මලාගෙ සල්ලි නාස්ති කරනාවා!" කියලා. මට ලකුනු අඩු හන්දා.

මට බොහොම රිදුනා! මම අමතර පංතිගියේ ගණිතයටයි විද්‍යාවටයි. ඇත්ත, අම්මලාට සල්ලි ප්‍රශ්න ගොඩයිතමා. ඒත් මං ඒයාලාගෙ සල්ලි නාස්ති කලේ නෑ. හැමදාම අම්මා වැඩ ඇරිලා ආවම පර්ස් එකෙන් රුපියල් දෙකක් අරං එකතු කරලා, ඒවයින් උපන්දිනේට යාලුවන්ට 'පෝටෙලෝ' අරන් දුන්නෙ ආසාවට.

ඒත් මම සල්ලි නාස්ති කලේ නෑ!ඒ කීමට හිත රිඳුනත්, මම දැනන් උන්නෙ නෑ මීට වඩා මම තව වැඩකරන්නෙ කොහොමද කියලා.

අන්තිමේ, මම සාමාන්‍යපෙල පාස් උනා! පංතියෙ හොඳට වැඩකරපු සමහර 'බ්‍රයිටන්ට'වඩා හොඳට!. මම ඉස්සරෝම දැනගත්තවෙලේ බත් කාගන්නත් බැරව ඇඬුනා. අම්මටයි, ලොකු අක්කටයිත් ඇඬුනා, තාත්තට ආඩම්බර හිතුනා.අපේ ංතිභාර ගුරුතුමී, ගණිත ගුරුතුමී, බෞද්ධ ධර්මය, සිංහල, සමාජ අධ්‍යනය උගන්පු ගුරුතුමීලට ඇස්වලට කඳුලු ආවා.

මම ඉංග්‍රීසි ගුරුතුමී මුන ගැහෙන්න ගියා. ඈ හය ශ්‍රේනියේ නංගිලාට  ඉංග්‍රීසි උගන්නනවා. මව දැකල ඇහුවා

"ඇතියන්තම්! අඩු ගානේ පාස් වෙලාවත් තියෙනවා වගේ!"

  මම කිව්වා "මට 'A' එකක්! ඉංග්‍රීසි වලට!"

.ඈ පුදුම උනා. මම ඈ දිහා බලා උන්නා. දනගහලා වඳින්න හිත දුන්නෙ නෑ. ඇයි කියන්න දැනෙන්නෙත් නෑ. ඒත්, මම ආපහු හැරිලා එද්දි මගෙ ඇස්වල කඳුලු පිරුනා.

ඊට අවුරුදු නවයකට පස්සේ, අපි පාසලින් පිටවෙලා අවුරුදු හයකට පස්සෙ, මම ආයෙමත් අපේ ඉස්කෝලෙට ගියා. සුහද හමුවකට.

ඈ උන්නා සුදු සාරියක් ඇඳගෙන. ගෙදර යන්නයි සූදානම. මම දුවලා ගිහින් ඇයට කථාකලා. ඈ පුඳුම උනා ඇගේ පියා මියගිහින්. තවත් ප්‍රශ්න රශියක් ඈ මා සමඟ දොඩමලුවු විනාඩි කීපයට මා සමඟ කීවා.

" මම දැන් යන්නම් දූ"

 ඈ කියද්දි, මම බොරලු පිට්ටනියේ දනගසා ඇයට වැන්දා. කඳුලින් පිරුනු නෙත් වලින් ඈ මා දිහා බලන් උන්නා නිමේශයක්. 

"මේ මගෙන් ඉගෙන ගත්ත දරුවෙක්"

  අසලින් ගිය වර්ථමාන ශිෂ්‍යාවකට කියමින් ඈ මා වැළඳ ගත්තා!

Monday, May 2, 2011

(අත්)අම්මා


කුසින් හොත් දුවනිය
පුතෙකු වැදූ දා
පස්වෙනි දරුවෙකුගෙ
අම්මා වුන අරුමය.,
අපේ අම්මාගේ අහස වන්
ආදරය

පැතුම


හදවතේ පතුල අතගා.,
මතක වදන් අමුනා.,
සුසුමකින් බිහිකල,
"සුභ පැතුම"
අවලංගු කර ඇත
දෑසට පේන
"වචන" නැති අඩුවට!