Tuesday, May 10, 2011

නඩු කියා අවසන්



ඉවසීම....බිංදුවටත් පහල ගිය මොහොතෙදි තරහ යාගෙන එද්දි තරහ අස්සෙන්ම හැමදාම හිතෙන් කියන ගාථා දෙකවත් ඒ වෙලාවෙ ඔලුවට ආවනම්.,

ඒත්, දැන් ගෙවුනු කාලය ආයෙ මවන්නද, හිත කොයිතරම් දුක් උනත්.... හැමදාම,  හැමදේටම වැරදිකාරි උන මං, මුරණ්ඩුකාරි උන මං, නපුරු හිත හිමි මං  ගැන නඩු කියා අවසන්....

රිදෙනම තැනක හදවතේ ඇන්න කටුව හරි මුවහත්.... ඇදල අයින් කරන්නත් බැරි, තවත් ඇතුලට අනින්නත්බැරි.... පැසවාවි ගැහෙනකල්, හුස්ම පොදකින් බැඳීම් මිඳෙනකල්.....

ඇඞුනෙ නෑ පුදුමයි, රිදුනෙ නම් හිතට.... වෙවුලද්දි, ගත මිරිකී අසරනකමේ වේදනාවෙන්

ගෝරනාඞු රැවුම් නෑ.... අද හරිම අමුතුයි.... රිදුන තැන මගෙ හදවතේ.... ඔය හදවතේ ඇන්දබව සලකුනු නොතේරුනානම් නොවෙයි......

කඳුල ඒ ඇසින් වැටෙන්නෙ කලාතුරකින්..... අද නම් වැටුනෙ අරං සුදු හුනු.... පළඳවාගෙන නිවැරදි කමේ ඔටුනුත්.....

දැන් ඉතින් අසරණ මගේ හිත විඳවපන්..... අවසාන තීන්දුව අවාසියි උඹට හොඳටෝම....හැමදේටම වැරදිකාරි උන මං, මුරණ්ඩුකාරි උන මං, නපුරු හිත හිමි මං  ගැන නඩු කියා අවසන්....

No comments:

Post a Comment