Monday, February 28, 2011

දුවක හිමි අම්මා



දරා කුස දස මස,
පොවා රතු ලේ කිරි කර.,
ජීවිතේ අයනු ළඟ
සවිය වී නිති හෙටක සුන්දර....,
වේදනා සහස් ගවුවක
විඳිමින් හිතේ තෙරපාන.,
ඔය සුසුමින් උපන්
ඔබේ හද ගැස්ම නොවෙද දෝණිය....,
උපන්දා නෙත පිපී
ගිනි නිවූ හද කඳුලැලී.,
හදවතේ කොණ රැඳී
විටෙක පාරයි හෙටක සිතුවම....,
කිරිල්ලිය ඇය විය
පියැඹූ නිල් අහසක.,
විසල් මවු සෙනෙහස
හිතින් ගෙන ලෝකයක් තැනු දින....,
කිරිල්ලිය ඇයමය
වැදූ පැටවුන් ආත්මය උන.,
මනාලිය වන දෝණිය
නුඹෙම වූවත්, ඔබට අහිමිද....?
නිදන් වූ  කඳුලයි
පිපෙන්නේ යලි නෙතඟින්.,
දියනි සුකොමල නුඹමයි
මවුගෙ හදවත් ස්වරය නිතිකල්....,
දුවක හිමි අම්මා
එ හිස තැලි පැලඳූ දා.,
නෙත කඳුලු ගංඟා
දුකට දෝ, සතුටටදැ නොදනිම් මා....!!

Thursday, February 24, 2011

දකින්නට ඔබ


ඔබ එනවග දැනෙන විට
කොයිම හෝ මොහොතක
හිත
පිරෙනයුරු ප්‍රීතියෙන්
පිපෙනයුරු මලක් මෙන්
ආදරේ හංදා

Tuesday, February 22, 2011

මැරුණු ආත්ම



ඉටු නොවූ පැතුම් ළඟ....

ජීවිතය විඳවමින්,
ජීවිතය යදියි,

මැරුණු මිනිසුන්ගෙන්.....

ජීවත්වෙන ආත්ම.....

Tuesday, February 15, 2011

එන්න



නිදි - නොනිදි නිමේෂෙක
පුරුදු සුවඳත් එක්ක
සීතලට ගුලි වෙන්න
උණුහුමක් ගෙන එන්න....

දුරක හිඳ මේ හිතට
සොඳුරු සිතුවිලි රැගෙන
මා පෙලන පාලුවත්
සුළඟෙ පා කර  යන්න....

පාරමී පිරු හිතට
කල්පයක සුව සදන
ඔබේ සෙනෙහස රැගෙන
යලිත් හනිකට එන්න....

ආයෙ මුනගැසෙනතුරු
තුරුල්ලේ රැකගන්න
සුසුම් මුදු හාදුවක්
නලලතේ පළඳන්න....

Monday, February 14, 2011

සුභ උපන්දිනයක් තාත්තේ



නිහඬ නෙතු අගිස්සේ
ගැඹුරු කඳුලක් දුටිමි,
ඔබ දූකට  නොම උපන්
දරු දුකට පිළිසිඳුන....
ගොලු වු හිත තුරුල්ලේ
මහා ගිර මම දුටිමි,
පිතු සෙනේ දහිරියෙන්
හෙටක සිතුවම් ඇඳුන....
නිසල මුව පුරා පිරි
වේදනා රැලි දුටිමි,
එක්ව පැතු පැතුම් ළඟ
තනි මඟක් උරුම උන....
පියාණෙණි ඔය සුවඳ
හිතේ තවමත් රකිමි,
ඒ පැතුම් දිනන්නට
සවිය මට ඔබයි නිති....

 සුභ උපන්දිනයක්
තාත්තේ
02/12

Friday, February 11, 2011

අඳුරු මතක



භීෂණ කාලෙ ගැන මට මතක බොහොම පුංචි දේ ටිකක්. අපිට සම්බන්ද අඳුරු සිදූවීමකුත් තියෙනව. ඒත් මට මතක නෑ, අහල දැනගත්ත දේ විතරයි දන්නෙ.

කාලෙ රජයේ සේවකයන් හැමෝටම පැවති ආණ්ඩුවට විරුද්ධව පෙලපාලියක් යන්න කියල අණ කලාලු. ශිශ්යත්වයක් මත තාත්ත විදේශ ගත වෙලාලු. අම්මා ඉතින් පුංචි අපි හතරදෙනාව ධම්මිකා අක්කට භාර දීලා පෙලපාලියට සහභාගී උනාලු. ඔන්න තාත්තා දුරකථන ඇමතුමක් දීලා භයානක තත්වයක් තියන සිය රට තනියම ඉන්න අපේ තොරතුරු දැනගන්න. කාලේ අපිට තිබුනෙ තද දුඹුරු පාට, දිලිසෙන, සිනිදු, අංක කරකවන දුරකථනයක්. හපොයි! ඒක බොහෝම උස තැනකයි තියල තිබුනෙ. කාලෙ මගෙ ඔලුවටත් වඩා අඩියක් විතර උඩින්. අක්කල කවුරුත් ඕකට කථා කරන්න ඉදිරිපත් වෙලා නෑ බයටම.( එයාලට නම් කාලේ ඒක භයානක කාලයක් කියල දැනිල මට නොදැනුනට.) අඩුගානෙ අපිව බලා ගත්තු ධම්මිකා අක්කවත් ඔය භයානක වැඩේට ඉදිරිපත් වෙලා නෑ. මම ඉතින්මැරෙන සැටි පෙන්මනමිකියලා, පොඩි ස්ටූල් එකක් තියලා ,රිසිවරේ ඉස්සුවලු අක්කලගෙ, භාදක නොතකම.

හෙලෝ! කවුද ඔයා

.. චූටි දූ

අනේ! තාත්තා.. තාත්තා..” ( ඔන්න එතකොට නම් අක්කල පොරකන්න ඇති රිසිවරේට)

කෝ දු අම්මා?”

අම්මා ගියා පෙලපාලි!!” ( හෙමින් එහෙම නෙවේලු මගෙ සද්දෙ)

හා හා! කෑ ගහන්න එපා! අක්කට දෙන්න!!”

  කාලෙ ඒකත් බරපතල වැරැද්දක්ද කොහෙද. තාත්තාට උත්තර දෙන දෝණිට දඩුවමත් මරණය දන්නෙනෑ!.

කාලෙ නීතියක් තිබ්බලු රෑට ලයිට දැමීම තහනම් කරපු  තාත්තගෙ රාජකාරි කටයුතු එක්ක ගෙදර එන්න රෑ වෙද්දි අම්ම කලුවරේ අපි ටික ළඟට කරන් කිසිමවිදුලි බුබුලක් නොදල්වා අපි කථා කරන එකත් වලක්වගෙන තාත්තා එනකල් බලා උන්නලු පොඩිම අක්ක කියන විදියට කාලෙ ගෙදර ජනෙල් වීදුරුවල පත්තරත් අලවලා තිබිල තියෙන්නෙ

අපේ නිල නිවාසෙ ඉස්සරහ තමා තාත්තලාගෙ කච්චේරිය තිබුනෙ. ඉතිං ඕකෙ කාලෙ කොයි වෙලෙත් අර නෑඹිලි වගේගල් තොප්පිදාගත්තු ආමි එකෙ කට්ටියලු. එයාල පුහුණුවිම් හරි, සූදානම් වීම්හරි කරනව ඇති .හිටි ගමන් “Halt!”කිව්වම එයාලා ගල් ගැහෙනවලු. ඕක හරි ශෝක් සෙල්ලම හංදා අපේ ලොකු අක්කා ලී කෑල්ලක් තුවක්කුවට අරං, කොයි වෙලෙත් “Halt” කියලා ගල් උනාලු!! ඒකත් නියම සෙල්ලම .

(පහු කාලෙක එයා ඇත්තටම යුධ හමුදාවට එකතු උනා. වෛද් බලකායට. අලුත අක්කා ගැන හිතක් ඇතිඋන අයියෙක් අක්කගෙන් හොඳ ප්රතිචාර නොලැබුනාම ගෙදරම ඇවිත් වත් බලමු කියලා ආවනෙ ගෙදර! ඒත් අපේ අක්කා බෑමයි කියලා තාත්තට කිව්වා දොර රෙද්ද අස්සෙන්. ඔය දවසෙ අම්මගෙ කටින් ‘Halt’ කථාව පිට වෙලා පහුවදා අයියා විහිලු කොරා කියලා කණු කුණු ගෑව අම්ම එක්ක)

අපේ අම්මා කෘෂිකර් උපදේෂිකාවක්ව සිටි කෙනෙක්. ඉතින් අපේ අම්මා අක්කා කෙනෙක්ව හම්බෙන්න උන්න කාලෙකදි රාජකාරිමය වශයෙන් අදාල වසමෙ කුඹුරු පරික්ෂා කරගෙන එන්න ගියාලු. පයින්ම, දරුවත් කුසේ දරාගෙන, දුර ගෙවාගෙන, ගිහින් අදාල කුඹුරෙ නියරට බැස්සලු. අඩියක් විතර ඉස්සරහ බාගෙට පිච්චෙන  මල මිනියක් !!අම්මාට කකුල් වාරු නැති වේගෙන එද්දි දරුව ගැන හිතලා, මිනිය ඉස්සරහම බිම වාඩිඋනාලු. මූන දනහිසෙ හංඟගෙන බයේ ගැහි - ගැහි, අඬ - අඬා, ටිකක් පණ එනකල් ඉඳල, නැඟිටල, ඉන්න තත්වෙ තරමට පුලුවන් වේගෙන් අපහු එන්න ආවලු. එද්දි ආමි ජීප් එක් ආවලු. අම්මා හොඳට බයෙන්, වෙහෙසින්.. කච්චේරියට නිතර යනෙන එයාලා අම්මව ඇඳුරගෙන නග්ග ගත්තලු වහනේට. කච්චේරියෙන් බස්සලමැඩම් ජීවිතේට ආදරේනම්, ආයෙ ඔහොම ගමන් යන්න එපා!” කියල යන්න ගියාලු.!!

 අම්මා කෙලින්ම තමන්ගෙ කාර්යාලෙට ගිහින් ඉහල නිරධරයට සිද්දිය කීවම එයා කිව්වලු මිසුත් බේරෙන විදියට, මාත් බේරෙන විදියට ලේඛන ටික හලාද ගෙදර යන්න කියලා.

ඔව් කාලෙ රාජකාරියට වඩා හුස්මටික ගැන මිනිස්සු බයෙන් ඉන්න ඇති.

--------------------------------------------------------------------------------


ඒ කාලෙ අපි හැමෝම පොඩියි. තාත්තගෙ නිල රාජකාරි රථයෙ රියදුරු මාම හරිම හොද මනුස්සය. අපිට කිවිසුමක් ගියොත් මාමා අනිවාර්යෙන් ආයුබෝ වේවා කියලා හරි සද්දෙට කියනව. මතක විදියට එයාලගෙ ගෙවල් තිබුනෙ වැල්ලවාය හරි සියඹලාන්ඩුව හරි පැත්තෙ. ඉතින් මට මතකයි අඳුර ගලාගෙන එන ගොම්මන් වෙලාවෙ,  දෙපැත්තම හිස් ඉඩම් තිබ්බපාරක, නන්දා මලනී මහත්මියගෙ පවන සිංදු දාගෙන,  කලු පිපීත්ත පටියක් වගේ තාර පාවර අපි යනව ඒයාලගෙ ගෙදර. මං කාලෙ ආසම නෑ සිංදු වලට. ඒවට ඇත්තටම මං බයයි. මොකද මංදා.ඒත් තාත්තා සිංදුවලට හරිම ආසයි ඒකටත් ලොකු කථාවක් තියෙනවා

අපේ තාත්තා සහෝදරයො කණ්ඩායම එක්ක තියෙන්නෙ ලොකු වයිරයක්. සාදාරන වෛයිරයක්. වෛරයකට වඩා ඒක ලොකු දුකක් එක්ක ඇතිඋන කලකිරීමක් මට තේරෙන විදියට. නමුත්, රජයේ ඉහල සේවකයන්ගෙ ජීවිත, පවුල්, නිල වාහන, කාර්යාල, විනාෂ කද්දි; අපේ ජීවිත වලටවත් අපේ නිල නිවාසයටවත්, නිල රථයටවත් කිසි කෙතනෙක් කිසිම හානියක් කලේ නම් නැතිලු. මට හිතෙන්නෙ ඒකට හේතුව අපේ තාත්තගෙ ස්වාධීන. දැඩි. නමුත්; නිර්වයාජ ගතිගුන වගේම; තුල රැදුන මනුස්සකම.

අපේ තාත්තගෙ පවුලෙ දරුවො හුඟක් ඉදලා අන්තිමේ ඉතුරුවෙලා තියෙන්න තුන් දෙනයි තාත්තගෙ අක්කා, අයියා සහ තාත්තා. නැන්දට දරුවො නෑ. තාත්තට ඉන්නෙ කෙල්ලොම හතරදෙනක්! ඒත් මහප්පට උන්නා එකම එක කොල්ලෙක් එක්ක කෙල්ලො දෙන්නක්. ඉතින් අයියට තාත්ත හරිම ආදරෙයි පරම්පරාවටම ඉන්න එකම කොල්ල කියලා. අයියත් තාත්තටයි, අම්මටයි හරි ආදරෙයි. එයාලගෙ ගෙවල් තිබුනෙ අම්පාරෙ. ඒත් ගොඩක් වෙලාවට තාත්තල එක්ක තමා ඉඳල තියෙන්නෙත්. මට නම් ඒඅයියව මතක නෑ. මං එයාව කවදාවත් දැකලවත් නෑ. ඒත් ලොකු අක්කලා දෙන්නට  නම් එයාව මතකයි. කොහොමහරි අයියා අම්පාරෙ ඉන්න කාලෙ ගැරෙජ් එකක වැඩ කරලා. ඒ අතරෙ සහෝදරයන්ගෙ සංවිධානෙටත් සම්බන්දවෙලා. එයා ටිකක් විප්ලව කාරයලු.  දවසක් කවුදෝ අයියට කියලා වාහනයක් හදා ගන්න ඇවිත්, ඒ ගමන් අයියා එක්ක කථාවක් දාගෙන ඉඳලා වහනේ හදාගෙන ගිහින්. එදා රෑ අයියගෙ බඳින්න උන්නු අක්කා අඬ - අඬා අම්මට කථා කරලා කිව්ලු “අනේ පුංචි අම්මේ, අයියව අරං ගිහින්!” කියලා.

අම්මාට මොකද කරන්නෙ කියලා හිතාගන්න බැරි වෙලා. හොඳටම ඇඬෙනවලු. තාත්තට කොහොම කියන්නද කියලා හිතාගන්න බැරිව ගියාලු. මොකද තාත්තා ට ඒ අයියා එයාගෙම පුතා වගෙ සමීප හංදා. අම්මා කච්චේරියට ගිහින් තාත්තට කියල, දෙන්න එක්කම ගෙදර ඇවිත්, ගෙදර ආව තාත්තා පැය භාගයක් විතර යනකල් වාඩිවෙලා කිසි කතාවක් නැතුව ඉඳලා, කට්ටියම දාගෙන අම්පාරෙ ගිහින්. ඒ වෙලාවෙ රාජකාරි ඇඳුනුම් කම් මතඑහෙට මෙහෙට කථාකරල දුවලපැනල විස්තර හොනවලු පුතා කොහෙද කියලා. ලොකු අම්මලා ආව  ආරංචියකට තාත්තලාට එන්න කීවලු. ඒත් පිච්චෙන  මිනියක් බලන්න යන්න තාත්තා කැමති වෙලාම නෑ පුතා මැරිලා නෑ කියලා. ඒ ත් අම්මගෙ කීමට ගිහින් බලන්න. ඒ අයිය නෙවෙයි උනත්, තාත්තා පිච්චෙන තරුණ ජීවිතේ දැකලා එතනම බිම වාඩිවෙලා අම්මගෙන් ඇහුවෙ “මේව පෙන්නන්නද දයා මාව එක්කන් ආවෙ” කියලලු.

පස්සෙ ආව ආරංචිය කට වැල්ලවාය පොලීසියට අම්මයි තාත්තයි රෑක ගිහින්. ඒත් තාත්තා යද්දි කූඩුවෙන් අයියව අරං. අයිය පේන්න නැති හංද තාත්තල නිලධාරියෙක් ට කථා කරන්න බලලා. එතකොටම එතන තිබ්බ වෑන් එකක උන්න අයියා “බාප්පේ” කියලා කෑ ගැහුවලු. ඒ පැත්තට තාත්තල යද්දි අයියගෙ ඔලුව එබුවවලු වාහනේ බිමට. තාත්ත කෑ ගහගෙන ඒ වාහනේ ගාවට යද්දි මිනිහෙක් කිව්වලු “ඕකවත් ඇදල දාගනින්”! කියලා. දරුවෙක් ලැබන්න උන්න අම්මා තාත්තාගෙ ඇඟේ එල්ලුනාම යන්න ගිය වෑන් එකේ උන්නු අයියව ආයෙ කවුරුවත් කවදාවත් දැක්කෙමනෑ

අපේ තාත්තා රජයේ පරිපාලන සේවයේ ඉහල තනතුරක් දැරූ කෙනෙක්. තාත්තා එදා ඉඳන් බොහොම කලකිරීමෙන් උන්නෙ "මට මගෙ කොල්ලව බේරගන්න බැරි උනා" කියලා.

-------------------------------------------------------------------------------

අවුරුදු කීපෙකට කලින් සහෝදරයො කන්ඩායමක් ආව අපේ ගෙදර පත්රිකා බෙදල, ආධාර ඉල්ලගෙන යන්න. තාත්තා පත්රිකා අරං ඇහුවපුතෙකුත් අරං සල්ලිත් ඉල්ලනවද?” කියලා බොහොම සාමකාමීව. එයින් කෙනෙක් ඇහුවරට වෙනුවෙන් නේද?” කියලා තාත්තා පත්රිකා ටික එයාගෙ මූනට විසි කරල ඇහුවරට වෙනුවෙන්ද?” කියලා!

ඇත්ටම රට වෙනුවෙන්ද? මං මටනම් එදා උත්තරෙ විදියට ලැබුනෙ වේදනාවෙන් පුපුරු ගහපු තාත්තගෙ ඇස් දෙක විතරයි!!

වගේ කොයිතරමක් මේ ලංකාව ඇතුලෙ අඳුරු මතක එක්ක ජීවත් වෙනව ඇතිද? මියැදන්න ඇතිද?