Monday, February 28, 2011

දුවක හිමි අම්මා



දරා කුස දස මස,
පොවා රතු ලේ කිරි කර.,
ජීවිතේ අයනු ළඟ
සවිය වී නිති හෙටක සුන්දර....,
වේදනා සහස් ගවුවක
විඳිමින් හිතේ තෙරපාන.,
ඔය සුසුමින් උපන්
ඔබේ හද ගැස්ම නොවෙද දෝණිය....,
උපන්දා නෙත පිපී
ගිනි නිවූ හද කඳුලැලී.,
හදවතේ කොණ රැඳී
විටෙක පාරයි හෙටක සිතුවම....,
කිරිල්ලිය ඇය විය
පියැඹූ නිල් අහසක.,
විසල් මවු සෙනෙහස
හිතින් ගෙන ලෝකයක් තැනු දින....,
කිරිල්ලිය ඇයමය
වැදූ පැටවුන් ආත්මය උන.,
මනාලිය වන දෝණිය
නුඹෙම වූවත්, ඔබට අහිමිද....?
නිදන් වූ  කඳුලයි
පිපෙන්නේ යලි නෙතඟින්.,
දියනි සුකොමල නුඹමයි
මවුගෙ හදවත් ස්වරය නිතිකල්....,
දුවක හිමි අම්මා
එ හිස තැලි පැලඳූ දා.,
නෙත කඳුලු ගංඟා
දුකට දෝ, සතුටටදැ නොදනිම් මා....!!

1 comment:

  1. මම ආසම නිර්මාණයක් මේක.. කියා ගන්න බැරි සතුටක් වගේම දුකකුත් හිතට දැනෙනවා......

    ReplyDelete