Thursday, February 10, 2011

පුංචි මතක සහ අම්බිලි මාමා


කාලෙකට ඉස්සර පුංචිකාලෙ උන පුංචි පුංචි නොවැදගත් දේවල් හුඟ කාලෙකට කලින් බලපු චිත්‍ර පටියක තැනින් තැන මතක තියෙනව වගේ තාමත් මතකෙ ඉතිරි වෙලා.සමහර දේවල් ඒ හටි වැදගත් නොවුනත් ඒ මතක හරිම සුන්දරයි. ඉස්සරම මට අවුරුදු 3-4ක් උන කාලෙදි ඒ කලෙ උනු අරුම සිද්දියක් මගෙ මතකෙ රැඳිලා තියෙනව අරුම විදියට.

මං උදේ නැඟිටින්න කම්මැලියා. ඉතින් අක්කා මාව නැඟිට්ටවන්න හදල හදල කීව "අන්න අම්බිලි මාමා ඇවිත්. නැඟිටින්න" කියලා මං දනි පනි ගාලා නැඟිටලා, මූන කට හෝදලා, අන්ද ගත්ත ගවුම් පොඩියක්. මට ඇන්ඳුවේ ලා කොල පාට ගවුමක්. ඒකෙ වාටිවල හීනි සුදු රේන්දයක් අල්ලා, කෝප්ප බෝරිච්චි අත් දාලා,  පුවෙ වම් පැත්තෙ කහ පාට රවුමක් මහල. අම්මගෙන් ඇහුව මං මට එහෙමගවුමක් තිබ්බද කියලා. අම්මා කීව තිබ්බ කියලා. හැබැයි, කහ පාට රවුම හඳක්ලු. ඒ යට හාවෙකුත් අම්ම මැහුවලු. මට නම ඌව මතක නැ.

 ඉතින් ඔය ගවුමත් ඇඳගෙන මං ගියා සාලෙට. අම්බිලි මාමා උන්නා හිනා වෙවී. මූන පුරා රැවුල!!අනෙ, අම්මට වත්, අක්කලාටවත් අම්බිලි මාමාව මතක නැතලු!! අපි එහෙම කෙනෙක්ව අඳුරන්උන්නෙවත්, කාටවත් එහෙම නමක් දාගෙන උන්නෙවත් නැතිලු!

 එහෙනම් මට කාවද මතක?? මට ඒ සිද්දිය හොඳට මතකයි 'අම්බිලි මාමෙ.., ඔබ මොකද කරන්නෙ..?' සිංදුව මතක් වෙද්දි මට ඔය අම්බිලි මාමාවත් මතක් වෙනවා. ඒත් එහෙම කෙනෙක් නූන්නනම්... ඒ මතකය මොකක් ගැනද?? සමහරවිට සිද්ද කීපෙක එකතුවක්ද දන්නෙත්නෑ... :)


No comments:

Post a Comment