Friday, May 20, 2011

වෙනසක අරුම



සුදු ගවුමෙ දැවටිච්ච දඟකාර අතීතේ
මංසලක නැවතිච්ච දේදුන්නෙ පැහැ අතර
සුරංගන කතාවක නොදුටු රස මම විඳිමි
ආයෙමත් නේන ඒ සොඳුරු පෙරදවස තුල

දඟකාර සිත් පිරුණ අහිංසක සිතුම් ළඟ
එක්ව බැඳි මිතුරු බැමි සවිය විය දිරිය දෙන
කාලයේ වේගයට අතීතෙට එකතු උන
බාලිකාවේ සුවඳ තවම සුරකී මහද

දුරස්උන සිලිලාර මල්සමය මතක්කර
කඳුලකින් නෙත් තෙමන මතක මංසල අසල
ජීවිතේ අරුමයට අරුත් පබඳින දවස
ගෙවුනු  සත් වසරතුල මැවුනු වෙනසක අරුම

විදුමවුගෙ උනුහුමේ ජීවිතය අකුරුකල
පුංචි දඟකාරියන් නොවෙමු අද දකින අප
හෙටක් ළඟ මාවතේ දුරක් ඇති ජීවිතය
දිනන්නට සුභාසිරි පතමි හද ගැඹුරින්ම

සුභ මංගලම් මිතුරියේ
මැයි 19

No comments:

Post a Comment