පන්සලෙත්,
කෝවිලෙත්
පුද බිමේ
සුවඳ ළඟ
මන් වින්ද පිච්ච මල් සුවඳක්....
අපි පැතුවෙ එකම එක පැතුමක්.......
ඈ,
හිසේ තැල්ල බැඳි සිනහවම
ඕ,
ගෙලේ තැල්ල බැඳි සිනහවද,
යා කලා සිළිලාර සුළඟක්.....
දෙසිතේම කප්පරක් පැතුමන්....
කලෙකින්
හමුවෙච්ච සුසුමකට,
තාලයට
ගැලපිච්ච ස්වර අතරෙ,
කඳුලු බිඳු, දෑස්වල උපදිත්....
ඒ කඳුලු හදවතට සිහිලක්....
ලේ කඳුලු
කප්පරක්,
මේ බිමේ
නිදයි අද,
රතු කුසුම් තවත් පැහැ කරමින්....
නිදහසේ සුදු පාට විඳිමින්.....
ඒ කුසුම්
නෙලාගෙන,
ආදරේ
බෙදාගමු,
ජීවිතය පිදු සිත් සනසන්....
රතු කුසුමෙ පිච්ච මල් සුවඳක්....
අපි පැතුවෙ
එකම එක පැතුමක්....
අදහසත් එක්ක පදවැල් ලස්සනට ගැලපෙනවා.
ReplyDeleteජයවේවා....!
හැමෝම මේ වගේ හිතන්න පුරුදු වෙනවනම් සුන්දරයි !!!!
ReplyDelete