Wednesday, September 12, 2012

අත්තම්මලා පවු අනේ! පැය ගනන් පෝලිමේ !!





බුදු හාමුදුරුවනේ.....,

පාන්දර ඉදන්
අමතක කරන් නෙක ගැහැට,
හිතේ ඉපදුන බුදු බැතිය
කුසුමක් කර පුදන්නට....,
පෝලිමේ බලා ඉන්නා
අත්තම්මලා පසුකර,

ඉහල බැතිමතුන්
අපූරුවට
කපිලවස්තු ධාතූන් වහන්සේලා
වැඳපුදා විශේශ විදියකට
අනේ පවු! අර මිනිස්සුයි
සෝක සමච්චලයක් හෙලා,
ඉගිලැගොස්.....,

පම්පෝරි  සාඛඡ්චා
අනේ වසනාවන්!
අපිට පැය කාලයි
අත්තම්මලා පවු අනේ! පැයගනන් පෝලිමේ
ඔහොම වැදලා මොකට,
උන්ගෙ ශ්‍රද්ධාව බාලකොට,
TV එකෙන් කලානම් පහසුයි නෙ වන්දනා
මල සමයං!

උන්දැලා කියනකොට
ඒවා ඇහෙනකොට
හිත රිදෙන්නේ
මගේ නපුරු කරුමෙටද?

2 comments:

  1. බොහෝම ඉක්මනට
    …නිවන් යන්න …
    …ටිකට් වෙන්කර ගත්තු …අය
    …ප්‍රාඩො ඉන්ටර් කූලර් වලින්
    …ඉතා ඉක්මනට නිවන් යයි
    …ඉන්ටර් කූලර් තරම් ඉක්මනට
    …නිවන් යන්න බැරි අයත්
    …මේ ලෝකෙ ඉන්නවා
    …තව් තිසා දෙව්ලොවේ විනාඩියක්
    මනු ලොවේ වසර ගානක්ලුනේ

    …------------------------


    …අදමයි මේ පැත්තෙ ගොඩ වැදුනේ

    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete