පාට ගෑ අත් ලකුණු උණුහුමට ගෙයි බිතක
කිරි සිනා සිතුවමක් මවයි හදෙහී කොණෙක
සමු ගන්න සිපගත්ත නලල හැඩි කල දෙතොල
සැලෙනවා ඉකිහඬට නුඹ කොහිද මගේ පුත
ජීවිතය පාටකල හීන මතකඳ මිතුර
ලුණු මිදෙන වෙරළතක කඳුල රස මදි නොවෙද
පාවෙලා ආ දිනෙක කෙස් රොදක් හෝ මවෙත
අමතකව තියේවිද හීනමය අතීතය
අඳුර ගැඹුරුයි තමයි මූද හරි හීතලයි
රැලි නඟින ඔය දියඹේ නුඹව ශේෂව නොයයි
අතහැරුණ අතැඟිලිත් තවම නුඹවම සොයයි
හැංඟිමුත්තං මදිද හිතත් දැන් හරි බරයි
මතක රැලි නඟිනවිට මුහුද අද ගොලු මොකද
වැහි ලිහිණි තටුවලට විඩාවක් දැනිලාද
ලවණ රස කඳුලකට නිදහසක් නැතිව වද
මියෙන හිත් දහසකට සරදමක් කෙරුවාද