Friday, April 4, 2014

ආතතිය නිවන්නට



අකුරක් නොදුටු වරදට
Tender එකත් Recall කර ඇත
call කර බණින නොබණින
ලොක්කා  සිටී මල අතේ ගෙන

ඉරිද හවස මුහුදු හුළඟට
පෙඟුන හිසකේ වේලෙන්ට පෙර
හැන්දෑවෙ කෑ වැනිලා Ice Cream වල
සතුට සැමරීමි රිදෙන උගුරක් සමඟ

අම්මාගේ රැවුම් සහ අක්කාගෙ විස්මිත 
දෙනෙත් හනිකට මඟහැර
කුස්සියට වී කෑවෙමි ජම්බු අච්චාරු
ඊයේ රසම රස

ගිණි ගහන අවුවේ කහ ඉරෙන් පැන
රසම රස මල් බිස්කට්, සීනි මුරුක්කු සමඟ
ඇඹුල්ම ඇඹුල් ලුනු මිරිස් දැමූ අඹ
ගෙන ආමි ආතතිය නිවන්නට 

තුනට වැඩ ඇරෙමි අද හිත හිතා,
හිත හිතා තවම වැඩ මම

1 comment:

  1. තුනට වැඩ ඇරෙමි අද හිත හිතා,
    හිත හිතා තවම වැඩ මම/////.
    හොද වැඩේ....
    කෝම හරි හෙම්බ හදාගත්තනෙ...
    ඒකෙන් මේකෙන් අපිට ලස්සන කවියකුත් රස විදින්න ලැබිල තියෙන්නෙ

    ReplyDelete