අර අහසෙ පාට කොතරම්ද
සත් වසක අතීතය එතරම්ය
ඇහි පියන් වසාගත් නිමේශෙක
නොපෙනී වහං උන පැහැද ඇත
නොපෙනී වහං උන පැහැද ඇත
දඟකාර දෙනයනට එබෙමි මම
අතීතයෙ බිඟු සරින් පොපියවෙන
මොහොතකට කලබලව සිඹිමි හිත
හදිසියේ උණුහුමක සුසුම විඳ
අතීතයෙ බිඟු සරින් පොපියවෙන
මොහොතකට කලබලව සිඹිමි හිත
හදිසියේ උණුහුමක සුසුම විඳ
පැටලිච්ච අතැගිලිම තුරුලු කර
මදහසින් විමසූව පැණය කිම
හුස්මක් පිඹින්නට ඉසිඹු ගෙන
සිලිලාර හෙටක් ඇත නූපන්න
මදහසින් විමසූව පැණය කිම
හුස්මක් පිඹින්නට ඉසිඹු ගෙන
සිලිලාර හෙටක් ඇත නූපන්න
මල් පාර පෙති විසුල සුවඳ ඇත
නටු අතරෙ හැංඟිච්ච කටුද වෙත
රුහිරු බිඳු තැවරිච්ච හදවතට
සොඳුරු සුව රැගෙන එන ඇඳුරු ඔබ
නටු අතරෙ හැංඟිච්ච කටුද වෙත
රුහිරු බිඳු තැවරිච්ච හදවතට
සොඳුරු සුව රැගෙන එන ඇඳුරු ඔබ
2011/10/27
අර්ධ ශතකයක්වත් දාන්න බලන්න හත මොකක්ද?
ReplyDeletelassanai..
ReplyDelete