ගෙඹි හාමී මේ අහන්න
එපා ඉතිං කෑ ගහන්න
පුංචි පුතා හොඳයි බෝම
බයි සේරොම කනව ඔන්න
කණාමැදිරි පාවෙන එලි
අල්ලන්නට අත දිග මදි
තව කටකින ලොකු වෙතහැකි
එදාට නුඹ අල්ලතහැකි
අන්න පුතේ හඳ හාමී
තරුත් එක්ක එයි පාවී
කිරියි පැණියි ගෙන ඒවී
බත් පිඟාන ඉල්ලාවී
හනිකට මේ බත් කන්නේ
පිඟාන හිස්කර දෙන්නේ
හඳෙන් ගෙනා කිරියි, පැණියි
පිඟානෙ පුරවා ගන්නේ
අන්න අතන පූස් බබෙක්
මකුලු රාළ එක්ක ඇවිත්
හා හා! මේ හොඳ දරුවෙක්
ඔන්න කෑව හබුං කටක්
දඟ බෝලේ මේ බලන්න
සෙල්ලම් හාවට පෙනෙන්න
කෝ බලන්න කට අරින්න
හාවට කලියෙන් දිනන්න
අපේ පුතා හරිම හපං
බත් සේරම කනවනෙ දැං
කැරට්, මාලු, බත්, පරිප්පු
අඳුරනවා ඒවයේ නම්
හබුං කටයි බත් දෙකටයි
පුතාට ආදරේ ගොඩයි
හිනා පිරුණ රෝස මුවයි
පුංචිත්තා මිදුලෙ දුවයි
ලස්සන කවි පෙල මට පොඩි කාලෙ මතක් උනා.........
ReplyDeleteලස්සන කවි පෙලක්...
ReplyDeleteහරිම අගෙයි !!
ReplyDeleteලස්සනයි ගොඩාක්...
ReplyDeleteලස්සනයි හැම සටහනක්ම. සුබ පැතුම්
ReplyDeleteමැණික්