පුර සඳ දිලෙන පෝ දා මුදු සිලි-සිලිය
සිසිලස සිතේ වේවා ඒ සඳ විලස
සුදු වත සදන සුන්දර පිරිසුදු දසුන
සිත-සිත රැඳේවා පිවිතුරු සුදු පැතුම
පහනින් නැගෙන එලියෙන් දුරු වූ අඳුර
විලසින් දුරුව යාවා මෝහයෙ අඳුර
මුවඟින් නැගෙන සැනසුම් සුසුමක රහස
ඟැඹුරින් දැනේවා වෙසඟේ සිරි අතර
බුදු පා පුදන සුකොමල මල් නෙක පාට
මියෙනායුරු දකිමු පැන් යෙදුවත් බෝම
අතහැර යන දිනේ අදරැති හැම දේම
සිහිකර ගනිමු හොඳ සිතුවිලි මෙත්සාර
සුවඳින්,
සුවඳ මිනිසත් බවෙහී සුවඳ
සුවයෙන්,
සුවය සැනසුම ඇති නිසි දිවිය
පතමින් වෙසක් ආසිරි කාටත් තුටුව
පැතුමක් පතමු කෙලෙසුන් දුරලන හෙටක
හ්ම්ම්ම් වෙසක් එකට එළියට බැහැල තියෙන්නෙ මෙයා අවුරුද්දෙන් පස්සෙ.
ReplyDelete