Wednesday, May 16, 2012

හෙටක් ගැන සිහිනය දකිම් (සුභ උපන්දිනයක්!)




සිනා මල් වැහි වලින් නැහැවුන
හෙටක් පතනෙමි හදවතින්
හදේ තවරා ඔබේ සුවඳම
හෙටක් ගැන සිහිනය දකිම්

පුරා නෙතුයුග පැතූ පැතුමන්
එකින් එක කවිකම් කරන්
සරා සඳ ඔබ නිශා අහසෙහි
රිදී පැහැ ගෑ ආදරෙන්

පුලුල් පපුතුර රැඳී සැනහෙමි
උණුහුමට තුරුලුව තුටින්
සිනාසෙනු මැන අපේ හෙට ගැන
පැතූ පැතුමන් ළඟ ඉතින්

ජීවිතේ එක් මංසලක් ළඟ
එක්ව බැඳි දෑඟිලි තුටින්
තුරුලු කරගෙන වසන්තය වෙත
ඇවිද යමු අපි එක සිතින්

සුභ උපන්දිනයක්!
05/16

No comments:

Post a Comment