මම ඔබට 'අනෝමා ජනාධරී' කියා සම්පූර්ණ නමින් ඇමතුවේ දුන්හිඳ අද්දර බැලූ සමයේය. ඒ කාලෙ අපි බොහොම පුංචි දරුවො. (මම විශ්වාෂ කරනව අද මම යම් දුරකට වැඩිහිටිකම දකිනව කියල. අද මට වයස අවුරුදු 27ක්!) අතරින් පතරෙ ඔබ ගැන කතා උනේ ගෙදර අය එක්ක. ඒත් මම ඔබව ආමන්ත්රණය කලේ ඒ විදියටමයි. පුනරුක්ති ඔබේ කතාව කියවල තවත් මට ඔබට නමින් ආමන්ත්රණය කිරීමේ අපහසුවක් දැනෙනව.
ඔබට මතකද දන්නෙ නෑ. පසුගිය වසරේ ඔක්තෝම්බරයේ එක සෙනසුරාදාවක දවල් බත්තරමුල්ල ආර්පිකෝ සුපිරි වෙළඳසලේදි ඔබ ඔබේ ස්වයං චරිතාපදානය සමඟ මට මුනගැහුනා.
මං අම්මාත් එක්ක වෙළඳසලට ඇතුල්වෙද්දිම ඔබව දුටුව, හැඳිනුව. ඔබ කුඩා පිරිමි දරුවෙකුට යමක් කියමින් උන්නා. ඔබේ අතේ යමක් තුබූ බවත් මතක ඡායාවක් තියෙනව, ඒත් මගෙ ඇස් නතර උනේ ඔබේ නාසයට දමාගෙන තිබ්බ සුදු පාට මුද්දෙ. තරප්පුපේලිය නඟින ගමන් මං කල්පනා කලේ ඒ මුද්ද ගැන. "හපොයි! නාස් ලනුවක් දාලවගෙයි, මට මුලින්ම හිතුනා...ඒක ඔයාට ගැලපෙනවද කියලත් හිතීගෙන එද්දි මතක් උනා ඉංදියානු කාන්තාවො ඒවා පළඳින බව. ඒවා ලොකුයි. කැතක් නෑ. ඔව අස්සෙ තරප්පුව ඉවරවෙද්දි ඔබ මගේ මතකයෙන් මැකිලත් ඉවරයි.
මට මතකයි 'තනි තටුවෙන් පියාඹන්න' චිත්රපටිය නිකුත්වෙද්දි මං පාසල් යනව. මට මතක ප්රචාරක කටයුතු වලට යොදාගත්ත ඉස්ටිකරයක් බස් වල අලවල තිබිල මං දැක්ක කියල විතරයි. මං ඒ චිත්‍රපටිය බලන්නෙ 2011 පසුගිය අවුරුද්දෙ. ඒ අන්තර්ජාලය හරහා සීමාකිරීම්, කපා දැමීම් වලට ලක් උන චිත්රපටිය. ඒකෙ ඔබ නිරුවතින් රඟපෑම මට කොහෙත්ම විවාදාත්මක නෑ. ඔබ එහි නිරුවතින් රඟපෑම බුද්ධිමත් කියාගන්න මනුසත්තු හරහා ඒ තරම් විවේචනයට ලක්වෙන්න හේතුව මම දන්නෑ. හුදෙක් ඔබගේ හෝ වෙනත් කාගේ හෝ නිරුවත මට වැදගත් නෑ ඒක මම විහිං ප්රශ්නයක් කරගන්නකල්. නිරුවත හෝ තනිතටුවෙන් පියාඹන්න චිත්රපටිය හරහා ඔබ මටනම් බලපෑමක් ඇති නොකලතරම්. මා ඔබව දකින්නේ දුන්හිඳ අද්දර හරහායි.
පඩිපෙල මුදුනෙදි මතකෙන් පැනල ගිය ඔබ මෙන්න කවුන්ටරේ ළඟඳි මට පිටුපසින් මා ළඟ. ඔබ දන්නවද ඒ සිදුවීම විස්තර කරද්දි මගේ දෙවන අක්ක ඇහුව එයා දුප්පත් වෙලාද කියල. ඇත්තටම ඒ පොත මගේ අතට පත්උන මොහොතේ මමත් හිතුව ඇයි පොතක්, ස්වයං චරිතාපදානයක් සුපිරි වෙළඳසලක අලුත් බිස්කට් එකක් නැත්නම් කෝපි කුඩු එකක් හඳුන්වා දීමේ ක්රමවේදය අනුගමනය කරන්න හිතුවෙ කියල. නමුත් ඇත්තමයි පොත් පිළිබඳව නොනිත් දොළකින් පෙලෙන මට ඔබ දැසට පෙන්වූ සුවඳ හමන කිරි කිරි පොත දැකල ඇවිස්සුනා. ඒ වගේම ඔබට ස්තූති කලේත්, සුභ පැතුවේත් හදවතින්මයි. ඔබ පිලිගත්තත්, නොගත්තත් ඒ ඇත්තටමයි.
තනිතටුවෙන් පියාඹන්න රූප රාමු හරහ මම දුටු මවකගේ සිනිඳු මුව මතඇදුන මුදු දයාව මම ඔබේ මුහුනින්ද දුටු බව කියන්නටත් ඕනෙ.
පෙරවදන කියවීමේදි ඔබ අනුගමනය කරපු ප්රචාරන ක්රමයේ සාධාරනත්වයක් මම දැක්ක. මොකද, ඔබ කියනව පීඩනයට ලක්වුන හදවතකි න්පීඩනයට ලක්කල අයට යතාර්තය පෙන්වීමයි ඔබේ උත්සාහය.
'පුනරුක්ති' ඔබේ කතාව,
කියවද්දි මම පුදුම උනා, සසල උනා.... මට හිතුන මම ඔබත් සමඟ ඔබේ සරසවි සගයෙක්ව උන්නානම්, මම හිතයි 'මෙයා පැනල දෙන කෙනෙක්' කියල. නමුත්, ඕනෑම චරිතයක අභය්යන්තරය ගැන නොදැන මනුස්සයෙක් ගැන තීරණයක් ගත්තාම ඒකෙන් ඒ පුද්ගලයට වෙන අසාධාරණය මට තේරුම්ගන්න පුලුවං උනා ඔබගේ කතාව හරහා.
අතීතය මතින් ගොඩනැගාගත් ඔබ ගැන මම කියෙවුව. එක හුස්මට. ඔබ බුද්ධිමත්, උගත්, ධෛරය සම්පන්න ගැහැනියක්. ඔබේ කතාවේ සමහරතැන් මම මගේ පෙම්වතා සමගත් බෙදාගත්තා. ජීවිතය පුදුමාකාර යැයි කියල හිතන්න මම අකැමතී. ජීවිතේ පුදුම නම් අද ඔබ ඉන්නෙ ඔතන නෙවේ. ජීවිතයේ ඒ එකම මෙහෙයවන්නා තමන්ම බව අඳුරගත්ත නිසයි අද ගැහැණියෙක් විදියට ඔබ ඔලුව උස්සන් ඉන්නෙ.
ඔබේ ලිවීමේ ශෛලිය සුන්දරයි. මම කොහේවත් නොදැක්ක ශෛලියක්.
කෝ ඒ උපුල්? කතාවේ අවසානය පුරාම මම ඔහුව හෙවුව. ඔබේ තිදරුවන්ගේ පියා කහවත්ත උනත්, නූනත් ඒ උපුල් නොවන බව මට විශ්වාශයි. මට හිතුන ඔබට එතැනදී වැරදුනාද කියලත්.
වැඩිහිටියන් යැයි අප කියාගන්නා සමහර ඊනියා දුර්වලයින් පුදුමාකාරය. ඔබේ කතාව හුස්මකින් කියවා නිදන්නට ගිය මට ඔබේ කතාවේ තැන් නිදන්නට දුන්නේ නැත. නින්දත්, නොනින්දත් අතරේ හිඳිමින්, හීනත් හැබෑවත් අතර ඒ කතාව මනසේ සක්මන් කරද්දී අපූරු අවස්ථා සම්බන්දයක් මොළයට මතක් විය.
___________________________________________________________
ගෲෂා පාළමෙන් එගොඩ උනා.....
ස්ත්රිය: (නැගීසිට කෝපයෙන්) මං උන්නෙම වැටෙයි කියල අපරාදෙ මං යාඥා කලේ!
------------------------------------------------------------------------------------------------------------
"මගේ අතිං පුංචි වරදක් සිද්ධ උනා"
"මොකද කනය්යාභාවයවත් නැතිකරගත්තද ඊයෙ රෑ කාටහරි කියල"
"පුංචිගෙ සාරිය"
"ඉතින්"
"මගෙ සපත් තුදෙකට පෑගුනා මං නටනකොට"
"හානේ කෝ බලන්ට"
පුංචි ඇඞුම්බරව කාමරයට ඇදුනා
___________________________________________________________
ඔබ අද ඉන්නා තත්වය අතීතය මත ගොඩනැඟුනක්. ඒ අතීතය එක්ක තරහට ඔබ ජීවිතය නැඟිටුවාගන්නට දැරූ උත්සාහයේ අග්‍ර ඵලයක්. නමුත් නොහැඟෙන කුමක් හෝ අඩුවක් අවසානයේ ඉතිරියි කියල හිතුන.හදවතේ කොහේ හරි නොලියඋන හෝ කියන්නට අකමැති කොටසකුත් තියනවා වන්නටත් පුලුවං. සමහරවිට මේ තරම් දේ කී පසුත් ජීවිතයේ හැරවුම් ලක්ශ්යය දිගහැර අවසානයේ කියන්නට ඇතිදේ නොවැදගත් යැයි ඔබ සිතුවා වන්නටත් පුලුවන්.
කෙසේ වතුදු මම ඔබ දැරූ උත්සහය වින්දෙමි. ඒ මතින් දකිනා සියල්ල එසේම නොවන වගත්, අභයන්තරයේ නොපෙනෙන සතය්යක් ඇති බවත් හැඳිනුවෙමි.
මම විචාර කිරීමට නොදන්නා නිසාත්, විචාරයක් කිරීමට බලාපොරොත්තුවකුදු නැති නිසාත් මෙතෙකින් නවතිමි. මේ අදහස් මට දැනුන දේය. මේ අකුරු දැනුන දේ ඔබට කීවා පමනි.
අනාගතය ලියෙවෙන්නේද අප හදවත් මතින්ම බැවින් හෙට දවස ලස්සන කරගැනීමට ඔබටමම හදවතින් සුභපතමි. ඔබට මා මතකයේ ඇත්දැයි මම මම දන්නේ නැත. කලාව තුල ඔබ දුර ගමනක් යතැයි බලාපොරොත්තු වෙමි.
අදමයි ඉස්ඉස්සෙල්ලාම මේ පැත්තේ ආවේ... මට නම් ඇය ගැන තියෙන දැනීම දුර්වලයි... සමහරවිට මගේ චිත්‍රපට ගැන තියෙන කැමැත්ත අඩු නිසා වෙන්න ඇති...ඒත් මේ පෝස්ට් එකෙන් හඳුනගත්තා... අපූරු පෝස්ට් එකක්...
ReplyDeleteමේ පොස්ට් එක කියෙව්වෙ දමාපු දවසෙමයි. මම හරිම අවිවේකිව හිටිය නිසා වදනක් ලියන්න බැරි උනා. මාත් ඇයව හඳුනා ගත්තෙ දුන්හිඳ අද්දරිනුයි. ඒ මතකය තාමත් සුන්දරයි. මොන හැල හැප්පීම් වලට ඇය ලක්වූවත් අපේ මතකය එහෙමම තියෙනවා කියල මට හිතෙනවා. ඇය ඉතාම දිරිය ගැහැණියක් කියලයි මම දකින්නෙ. ඇගේ පෞද්ගලිකත්වය වැඩක් නෑ. ඇය කලාවේ උදාර මෙහෙවරක් කරන්නට පුලුවන් කෙනෙක්. ඒ ගැන විවාදයක් නෑ. ඇය ගැන මේ පිටුව වෙන්කලාට ඔබට තුති!. ඇයට ඒ සඳහා දිරිය ශක්තිය ලැබේවා!
ReplyDeleteකියවන්න අසාවෙන් ඉන්නේ මේ පොත, තාම හම්බ උනේ නෑ...:( ඇය අපුරු චරිතයක් කියල මටත් හිතුනේ දුන්හිඳ අද්දර නාට්‍ය බැලුවට පස්සේ ....:)
ReplyDelete