Thursday, August 9, 2012

හිත රිදුනාම




පුරා වසරින් වසර නෙක
ගෙවී ගිය මොහොතක් අසල
මැකී නොයනා මතක ඇත
තාම හදවත මත්කරන

ගෙවීගිය කාලය අසල
බැඳීසිටි යුරු සිහිකරන
මතක මංපෙත අසබඩදි
නෙත් කෙවෙනි තෙත්වෙයි නොසිතාම

හාදුවක් පළඳා නලල මත
කඳුලකුත් පිසදා හෙමීහිට
ඔබ ළඟින් උන්නා මතක ඇති
අමතකව යන්නේ කෙලෙසකද

යදිද්දී සෙනෙහස නිතර
මා එපාවෙන්නැති නැහැ පුදුම
මගේයැයි සිතුනිසා ඔබ
තරවටුකලෙමි මම බොළඳ මට

රලු හිතක් එක්කල ඉපදිච්ච
මම කුමට ඔය පැහැබර හිතට
ඔය හිතේ අයිතිය කුසුමින් සැදුන
ඒ හිතට පවරාදෙන් හනික

පුරා පෙරුමන් මුනගැහුන
ඇසිල්ලක තුරුලුව ඔබට
අසාඋන්නේ හදගැස්ම
වෙන කෙනෙකුගේ වූ හදවතෙද

ඔබා දණ ඔය දෙපා ළඟ
පැදකුණු කලේ හදවතින් මම
ඒ දෙපා ළඟ දූවිලි අතරෙ
අද දකිමි මගෙ හිත මියෙන හැඩ

මගේ යැයි ඔබ සිතු පවට
වරදකරු මගෙ හිතම විය
නතරවෙමි මග නොයා දුර
ඉඩ දී ඇයට දුර ගමනකට

(1/08/2012)



No comments:

Post a Comment