Tuesday, August 6, 2013

වීරයෙක් වියයුතුමයි!



මරණකොට, 
මැරෙණවා දකිනකොට,
හිතෙන්නැති මැරෙන්නම......
දන්නෙ උන් විතරමයි!

රිදෙනකොට,
අත්-කකුල්-ඇස්-මොළ
කැපෙනකොට,
හිතෙන්නැති මැරෙන්නම.....
දන්නෙ උන් විතරමයි!

ඇහෙනකොට,
වනචර,නොසන්ඩාල,අමන ආමන්ත්‍රන
උන්ගේම එක්තරා කුලකයෙක උන්නිසා
හිතුන දේ ....
දන්නෙ උන් විතරමයි!

ගියදා හමුදාවට,
වීරකමක් තුන් හිතකවත් තිබුනාද?
දන්නෙ උන් විතරමයි!

මරන්නට කියනකොට - මරන්නට!
ගහන්නට කියනකොට - ගහන්නට!
උන්ගෙ පිරුවට දිලෙන්නට,
මුන්ගෙ ගත ලේ සලන්නට,

වීරයෙක් වියයුතුමයි!

හදවත ගැහෙන වීරයෙක්,
පඩිපතට හරි මැරෙනකොට....
කොහේ හෝ රූකඩ පලක
රැඟුමක් මැවෙයි නියතයි.....

ඔබ වීරයෙක් වියයුතුමයි!

2 comments:

  1. මම වීරයෙක් විය යුතුමයි
    රටට දැනෙන
    හදවතට දැනෙන

    ReplyDelete
  2. ඔබ වීරයෙක් වියයුතුමයි!
    වෙනස් අදහසක් , නියමයි

    ReplyDelete