වියා දුහුල් වලාකුලක සීතල පිණි කැට
සිත්තම් කර පළන්දවමි
තරු පොකුරක් ළඟ
ඔබ හා ගෙවු අතීතයේ
මතකයෙ මුතු ඇට
හෙමිහිට එහි අමුණමි හිඳ අහස් වියන යට
ආ මඟ දෙස හැරී බලමි
මොහොතක් නතරව
සිනා කුසුම් අතර දකිමි කඳුලැලි මුතු කැට
අනාගතේ අභියස ඉඳ
පැතුම් හෙවන යට
පා ඔසවමි සිනා මලක් රඳවා මුව මත
ජීවිතයේ උරුම සුවඳ රඳවා
ඔබ ළඟ
මේ හදවත
රැකගනු මැන පුරවා සෙනෙහස
යන්නට දිගු ගමනක්
වන මාවත ළඟ ඉඳ
අත නෑරෙන ලෙස නවතිමි
ඔය හිත අභියස
2013.10.27
මාත් ඉතිං කවි කියවන්න දස්සයා. හැබැයි ලියන්න අදස්සයා
ReplyDeleteඅතනෑරෙන ලෙස නවතිමි ඔය හිත අභියස.....ලස්සනයි... මාත් නැවතුනා...
ReplyDelete