මිණි කැට අතරෙට - මුතු ඇටයකි දුව
සුරතල් සිනහා මුවඟ ඇඳී
සඳ දියවර යට - හරිම සොඳුරු ලෙස
මුදු එලියක් ලෙස දිලෙන සිරී
පිපුන උවන - හිත පෙන්නන කැඩපත
නුඹම දකින හෙට දිනක් වෙති
දිලෙන්න කුසුමිය - නිසි කල, නිසි ලෙස
කාලය තාලය වයයි නිසී
දෙනයන සනහන - කුසුමිය විකසිත
කිරුළ නුඹයි හදවතෙහි ඇඳී
ජීවිතයේ උස්, මිටි තැන් ළඟඳී
ඔය නිකැළැල් හිත ගෙනෙයි සවී
ගමනකි බෝ දුර - දිරියෙන් යන්නට
සුවඳ හිතේ රැකගන්න නිතී
පැතුමෙකි හද තුල - නූපන් හෙට ගැන
දවසක දූ ලොව දිනනු ඇතී
23 /03/2014
ලස්සන විරිතක් තියෙනවා මේ කව් පේලි වල. ඒ වගේ අදහස සහ චචන බාවිතයත් ඉහලයි.. ජයවේවා.. ස්තුතියි මේ වගේ නිර්මාණ කරනවට..
ReplyDeleteඌප්ස්..........................
ReplyDeleteපට්ට... ගතියටම ලියල තියෙනව...
ජයවේවා