Friday, March 21, 2014

දවසක දූ ලොව දිනනු ඇතී


මිණි කැට අතරෙට - මුතු ඇටයකි දුව
සුරතල් සිනහා මුවඟ ඇඳී
සඳ දියවර යට - හරිම  සොඳුරු ලෙස
මුදු එලියක් ලෙස දිලෙන සිරී

පිපුන උවන - හිත පෙන්නන කැඩපත
නුඹම දකින හෙට දිනක් වෙති
දිලෙන්න කුසුමිය - නිසි කල, නිසි ලෙස
කාලය තාලය වයයි  නිසී

දෙනයන සනහන - කුසුමිය විකසිත
කිරුළ නුඹයි හදවතෙහි ඇඳී
ජීවිතයේ උස්, මිටි තැන් ළඟඳී
ඔය නිකැළැල් හිත ගෙනෙයි සවී

ගමනකි බෝ දුර - දිරියෙන් යන්නට
සුවඳ හිතේ රැකගන්න නිතී
පැතුමෙකි හද තුල - නූපන් හෙට ගැන
දවසක දූ ලොව දිනනු ඇතී

23 /03/2014

2 comments:

  1. ලස්සන විරිතක් තියෙනවා මේ කව් පේලි වල. ඒ වගේ අදහස සහ චචන බාවිතයත් ඉහලයි.. ජයවේවා.. ස්තුතියි මේ වගේ නිර්මාණ කරනවට..

    ReplyDelete
  2. ඌප්ස්..........................
    පට්ට... ගතියටම ලියල තියෙනව...
    ජයවේවා

    ReplyDelete