Thursday, April 10, 2014

සිනහ පිපෙන්නට මුවින් මුවට හෙට


එරබදු මල් තවමත් පීදෙනවා
කලාතුරින් හෝ එහේ මෙහේ
සිංහල අවුරුදු තවම තියෙනවා
කොවුලා තව ගී කියයි මෙහේ

ඇති-නැති කොතැනත් කිරි ඉතිරේවා
සිංහල අවුරුදු ලබන වෙලේ
නැවුම් හෙටක් ළඟ-නැවුම් හිතක් ගෙන
අලුත් පැතුම් හදවතේ ඇඳේ

සිනහ පිපෙන්නට මුවින් මුවට හෙට
සතුට පිරේවා හදෙහි ඔබේ
දිරිය ලැබෙන්නට, නිරෝගි වෙන්නට
පැතුම් පතමි හදවතින් මගේ

ඔබටත්,පවුලේ සැමටත් සතුට පිරුණ සුබ අලුත් අවුරුද්දක් වේවා!

2 comments:

  1. ඔබටත් සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!!! ස්තුතියි

    ReplyDelete
  2. ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා...

    කවිය නං ලස්සනයි

    ReplyDelete