හඬන්නත් කඳුලු හිඟ
ගිම්හානයේ ඉම
සුවඳ කැවු මතක සර
බොල් වු හිත පාරවන,
පිපෙන්නට පෙරම මියැදුන
මියෙන්නට මොහොතකට පෙර
සුවඳ බිඳුවක් ඉතිරි කරැ ගිය
වසන්තය මලක් විය...
ඒ සඳ නෙවේ වෙන්නැති
ලා පාට සලුවකින්,
රාත්‍රිය වසා නොවසා
රිදී පෑ හීනයෙහි පලුදු රිදවා ගියේ....
සඳනම් නෙවේ වෙන්නැති!
වචන නැති කතාවක
චරිත මේ ළඟපාත
වචන තහනම් හිතට
අත්තටු ලදත් කුමකට
රබර් කොල තාම නාඹර
අසාගන් මේ කඳුලෙහි වචන
මගේ පුතු අපි නොදැන
හැදෙද්දෙන් මිනිසෙකු විලස
නිමිත්ත මෙතැනින් : නුවර කුමාරි http://upekshad.blogspot.com/
අපූරුයි..
ReplyDeleteමාත් ඕය පොස්ට් එකට කවියක් ලීව..
ඒත් මේ තරං දැනුන්නෑ
අපූරුයි...
ජයවේවා
ලස්සනයි.... ස්තුතියි
ReplyDeleteකිසිවක් කියන්න බැහැ... දැනට දැනෙන්නේ වෙනස් හැඟීමක්
ලස්සනයි.දිගටම ලියන්න.
ReplyDeleteඅදද අපි මේ පැත්තට අාවේ............... හරි දැන් ඉතින් දිගට ම ඒන්නම්............... කවි ගැනත් වචනයක් කියන්න ඔ්නේ
ReplyDeleteමරු.........................
kalaekin ave naththe ayi?
ReplyDelete"ගංඟාවේ ගීතය" කියන නමට ගැලපෙන ගලාගෙන යන පද වැල්.....
ReplyDelete