Tuesday, November 22, 2011

ඔයාට අවුරුදු දෙකක්. පුදුමයි!




කොහොම හරි දැන් ඔයාට අවුරුදු දෙකක්. පුදුමයි! 

පුදුමවෙන්න දෙයක් නොවුනත්, අනේ මට හරි පුදුමයි!. ඔයා එන බව දැනගත්තාම හිතට ආව හැඟීම හරි අමුතු එකක්. කොහොම හරි අන්තිමේ ඔයා ආව. තරු වලින් හැඩ වෙච්ච අහසට පායපු හඳ වගේ ඔයාව අපි කාටත් හරි ඉහලයි. 

පුංචි හිනාව, දඟ වැඩ, හුරතල් කතාව.... දැන් අපේ ගෙදර එලියයි. ඒ ඔයා හන්ද. ඇත්ත අවුරුදු දෙකක් කියන්නෙ හරි පුංචි කාලයක් තමා. ඒත් ඒ අවුරුදු දෙකම මහ විශාල කාලයක් වෙන්නෙ ගෙවුන හැම තප්පරේකම ලොකු වටිනාකමක් තිබ්බ හන්දයි.

ඔවූ, ඔයා තව ලොකුවෙයි. දවසක මේ ඉන්න පැටිය ඉලන්දාරියෙක් වෙයි. ඒ හිතද්දිත් හිතට දැනෙන්නෙ මහ පුදුමාකාර හැඟීමක්. ඔයා කොයිවගේ වේවිද පුතේ?. උස්මහත් වෙච්චි හැන්ඩි කොල්ලෙක්!. එතකොට අපි වයසයි. ජීවිතේ එහෙම තමයි. ඒත්, හිතෙනකොට ලෝබයි.....

මං හිතනව.... උස යද්දි ටික ටික ඔයා, ඔය තාම දිලිසෙන හිතත් පරිමානෙ වැඩිකරගනී කියල, මේ දිස්නෙ ගහන හිත එදාටත් මලකඩ නොකා තියේවි කියල. 

එහෙම හිතද්දිත් කඳුලක් දෙකක් ඇස් අගිස්සෙ. 

පුතේ, ඒ අනාගතේ ලස්සනට පාට කරන්න. පිරිමියෙක් විදියට ජීවත් වෙන්න.ජීවිතේ මුල් අකුරු උගැන්නුවට ඔයාට ජීවිතේ ඉගෙනගන්න ඕනේ ඔයා විහින්මයි. ඔයා  ඉලන්දාරියෙක් වෙලා ලොකු මිනිහෙක් උන කාලෙක ඒතරම්ම ලොකු, ඉලන්දාරි හිතකුත් ඔයා ගාව තියෙන්න ඕන.

7 comments:

  1. ඔන්න මමත් සුභ පතනවා..

    මාරයා අයියා අහපු ප්‍රශ්ණෙම මටත් තියෙනවා..

    ReplyDelete
  2. මේ හැඟීම අපටත් මටත් දවසක දැනේවි...

    ReplyDelete
  3. ඔයා කොයිවගේ වේවිද පුතේ? පිරිමියෙක් විදියට ජීවත් වෙන්න.
    මැණික්

    ReplyDelete
  4. ලොකු වෙන්නෙ නැත්තන් කොයි තරම් හොඳද?

    ReplyDelete
  5. චූටි පැටියට සුබ පතනවා තෙරුවන් සරණින් වාසනාවන්ත අනාගතයකට.
    පුංචි දරුවෙක් ඉන්න නිවසක හැමදාම අලුත් දවසක්.

    ReplyDelete