Tuesday, January 31, 2012

යා-යුතු මඟක් ඇත




ගෙවෙන කාලය, ගෙවුන කාලය
ඔබේ සුවඳම පුරා හදවත
සිනා මල් නොව කඳුලු පිණි උව
දරා ඉන්නෙමි සෙනෙහෙ අබියස

දරා හිරු මල,  දැවි නොමයන
අහස මනරම් අරුම සේලය
ලියා කවියක් වළා ඉරුවක
පළන්දමි තිළිණයක් කර හිත

දහස් වර දුටු අහස් ගවුවට
පාට ගෙන එහි ඇඳුන දේදුනු
තෙරක් නොපෙනෙන ජීවිතේ ළඟ
සිත්තමක් කැටයම් කලා ඔබ

දෑස් කැල්මෙන් හිතට කොඳුරන
වචන නොදැනෙන කවිය ඔබමය
ආ මඟක් වෙත,  සුරඟනන් නැත
පැතුම් මත සැදි, යා-යුතු මඟක් ඇත

3 comments:

  1. යායුතු මඟ බොහෝ දුරවේ
    දෙදෙනා එකතුව පාර සැදුවේ
    අතුරා මල් පියලි මඟ සැරසුවේ
    එක්ව හිඳිනට පැතුම් පැතුවේ

    ReplyDelete
  2. //..ආ මඟක් වෙත, සුරඟනන් නැත
    පැතුම් මත සැදි, යා-යුතු මඟක් ඇත.
    මම කැමතිම කොටස !

    //...මගක් නම් එය මගක්මයි
    නොමගක් නොවෙයි
    මග නවතිනා!

    (රත්න ශ්‍රී විජේසිංහ -මඟ)

    ReplyDelete
  3. ඇත්ත යා යුතු මගක් ඇත.. ඒක හොයාගැනීම තමයි වැදගත්..

    ReplyDelete