Friday, August 10, 2012

ආයෙත් හසරැල් මල් සිඹිමී




ආයලයේ යන වලාකුලූ..,
අහසේ සිත්තම් මැවූ යුරූ….
වැහි බිඳු තවරා, හදවත රිදවා,
තරුවක් හඬවා, සිනාසුනූ….

නැලැවෙන රළ පෙල විල් තලයේ..,
බිඳි, බිඳි විසිරෙති යලි ඉපදේ….
රළ නැති ඟගුලක් - රස නැති කවියක්….
රළට නොවේ මම පෙම් බැන්දේ….

මුදු, මුතු හදවත ලයෙහි හොවා..,
සුසුමක් සුළඟක් විලස හමා..,
බිඳ, බිඳ කඳුලින් හිත දෝවන්නට,
දිනයක් එනතුරු සිටිමි බලා….

පුරා හඳට රහසක් කියමී….
කඳුලක් පිණි බිඳුවක තබමී….
හෙට හිරු පායන අරුණැල්ලේ,
ආයෙත් හසරැල් මල් සිඹිමී….

1 comment: