Thursday, September 27, 2012

ඒක මහ පුදුමාකාර හැඟීමක්....


මේ ඇරඹුමයි.... මාවත බෝ දුරයි.....
ඔලුව ඉස්සුවා, පෙරලුනා, ඉඳගත්තා, දණගෑව, අල්ලන් නැඟිට්ට.......
ඊට පස්සෙ,
ඇවිදින්න පටන්ගත්ත...
දැන් ඔයාට තනි කකුලෙන් පනිනත් පුලුවනිනේ.....!!

තනියම දත් මදින්න (අපි ආයෙම මද්දනව තමා ),  කලිසම - සපත්තු දාගන්න ඔයාට දැං පුලුවන්....

ඒ විතරක්යැ, දැං ඔයා නාන්නෙත් හිටගෙන...
ඒක හරිම හපංකමක්! (ඔයාගෙ චුටි පුංචි එහෙම නෑවෙ එක වසරෙදි!)

ඉස්සර ඔයාව උකුලෙ තියාගෙන ඔයාගෙ අම්මයි, ආච්චිඅම්මයි, පුංචිලා වෙච්චි අපි තුන්දෙනයි, මදි පාඩුවට තාත්තයි කීව සිංදු යංතං දැනෙද්දි වචන වරද්ද වරද්ද ඔයා මතකෙන් කියන්න ගත්තා.....

ආච්චී - තාච්චි 
තාත්තා - කාක්කා
පිඟාන - පිනාඟ 
පුසෙක් -පූවෙක් 
Rabite - ලැබිට්

ඔයා බහතෝරන්න ගත්තා....

එකයි, දෙකයි, පහයි, අටයි, තිස්දෙකයි! කියලා ගැන්නා....

 A B C D සිංදුව තාලෙට කිවුවා.....


දත් කැකුලු කාලා
සුලතල් ශිනා ශීලා .....

~~~~~~~~~~~~
ශී... ලංකා මතා.....
අප ශී........ ලංකා
නමෝ නමෝ මතා....
ශුන්දල ශිලි බලනී..........

 ඔයා ජාතික ගීයත් හරි අපූරුවට ගයල, අන්තිමේ ඔලුව පත්කරල අආචාර කලා

සබ්බ පාපස්ස අකලනං 
කුශලස්ස උප ශම්පදා ........

කවි, කතා අතරට ගාථාත් කිවුවා..............................................................


අද උදෙම්ම ඇහැරිලා ටික දවසක ඉඳන් අපි හැමෝම බලං උන්න ඒ මොහොතට ඔයත් ලෑස්ති උනා...

දොයි මත නැති උනේ නම් බාප්පගෙන් උදෙන්ම තෑඟි ලැබුන ලස්සන වලස් පැංචෙක් මහපු පොත් මල්ල හදයි...

බුදුන් වැඳලා, ගාතා කියල,.... ඔන්න සුභ වෙලාව ඇවිත්!

බයන්න.. අම්ම කියනවා

බ යන්න........තාලෙකට ඇදල පුතත් කීවා

පයන්න.. අම්ම කියනවා

ප යන්න....... කලින් තාලෙටම පුතත් කීවා

පහා...අම්ම කියනවා

ප හා..... අලුත් තාලෙකට පුතා කීවා

B.තාත්තා කියනවා

B.......පුතා සද්දෙට කීවා

P තාත්තා කියනවා

P.......තාලෙට පුතා කිවුවා


ආච්චි අම්මගෙයි, අම්මගෙයි,  තාත්තගෙයි පුංචිල තුන්දෙනාගෙයි ඇස් අගිස්සෙ සතුටු කඳුලු බිංදුවක් ඉපදෙද්දි ඔයා අපි හැමෝටම බුලත් අතක් දීලා දණගහල වැන්දා.....

අපි හැමෝගෙන හිතේ එකමෙක පැතුමක්!

'පුතේ, හොඳට ඉගනගෙන හොඳ පිරිමියෙක් වෙන්න!'

අද ඔයාව පෙරපාසලට ඇතුලත් කරාවි...
එන නොවැම්බරයෙදී ඔයාට අවුරුදු තුනක් පිරෙද්දි....,
ලබන අවුරුද්දෙ ඉදං ඔයා ඉස්කෝලෙ යාවි.....

අනේ....

ඒක මහ පුදුමාකාර හැඟීමක්....

ඉපදුන දවස්වල... වඩාගන්නත් බය හිතුන, පුංචි ආදර පොදිය...!

අද ඔයා ලොකුයි... හරිම දඟ, හුරතල්, අපේ චූටි පුතා.....

දවසක ඉලංදාරියෙක් වේවි ඔයා.....

මේ උගුර ගාව හිරඋන නොතේරෙන මොකක්දෝ හැඟීම කඳුලකින් පිටවෙන්න හදනව.....

සතුට, දුක, ආදරය, ලෝබකම.... සේරම එකතුඋන අමුතු හැඟීමක් ඒක......

නෙල්ලි වගේ.....

ජීවිතෙත් ඒ වගේ, රස ගොඩක එකතුවක්...

හරි ක්‍රමේට රස බැලුවොත් රසයි.... වරද්දා ගත්තොත් නීරසයි

ඔයාට ජීවිතේ රස විඳින්න ලැබේවි...

අපි ඔයාට හුගඟාක් ආදරෙයි...

2012. 09. 27

4 comments:

  1. අපේ ගෙදරත් ඉන්නව දැන් චූටි පැටියෙක්. ඒ තමා මගේ මුණුබුරු පැටියා. එයාත් දැන් යන්තම් බහ තෝරනවා. මගෙ ලොකු පුතාගෙ අතීතයට එයා මාව ගෙනියනවා. ඒ වගේම හුරතල් දේවල් කරනවා. එයාගෙත් අමුතු වචන සෙට් එකක් ම තිබුනා. හැම පුංචි දරුවෙක්ම එක වාගේ. ඒකෙ වෙනසක් නෑ. ඔයාගෙ මේ පැටියට තෙරුවන් සරණින් ඉදිරි ජීවිතය වාසනාවන්ත වේවා! නිදුකින් බෝ ආයු ලැබ සමාජයට රටට වැඩදායී යහපත් දරුවෙක් ලෙස වැඩේවා! කියල බොහොම ආදරෙන් පතනවා. පුංචි අම්මෙක් අම්මෙක් වගේමයි.

    http://chandigesithuviliuyana.blogspot.com/2012/09/blog-post_2246.html

    ReplyDelete
  2. හරි පුදුමාකාර හැඟීමක් .ඒ දේ ඔයාට දැනුනු විදිහටම ලියපු නිසා වෙන්න ඇති එක මටත් දැනෙන්න ඇත්තේ
    අපේ අම්මට තාත්තට මේ හැඟීම ම දැනෙන්න ඇති ...............

    ReplyDelete
  3. සුබ පතනවා මේ පුංචි හුරතල් දඟකාරයට සුබම සුබ අනාගතයක්..!!!

    ReplyDelete
  4. මෙත්නුලගෙ සින්දු අහන්න අපි හරිම ආසයි...

    ReplyDelete