ආදරණීය නුගේගොඩ.....,
අවුරුදු 13ක් තිස්සෙ ආව-ගිය.... ඒ කාලෙ දැන් අවුරුදු 9ක් පරණයි...
ටික ටික අතීතෙට එකතු වෙන නුඹ. ඒ ගෙවුන අවුරුදු නමයටම මං ආයෙත් නුඹ බලන්න ආවෙ කී පාරද?
නුඹ වෙනස්වෙලා! මම?
සතියකට කලින් ඉරිදාවෙ අම්මයි, අක්කයි, පුතයි එක්ක නුගේගොඩ යද්දි - ඒද්දි හීන් කඳුලු දැලක් ඇස් බොඳකලා දන්නවද? ආ ගිය පාරවල්, මතක ස්මාරක මනෝමයෙන් ගොඩනැගුන තැන් දිහා හැරි හැරී, එබි එබී, යලි යලිත් බලන්න. මට එදා ඕන උනා.
හ්ම්..... බෝගහ ළඟ, සවුසිරිය ළඟ බස් නැවැතුම්.... සරසවි පොත් සාප්පුව, ඒ ළඟම රොටරියට යන පාර එතනම තියන කඩේ, අපි ඒකට කීවෙ යකාගෙ කඩේ කියල :) රොටරිය. ඒ කාලෙ French Corner එක ......
අපේ ඉස්කෝලෙ..... !
ඒ කාලෙ අපිටම වෙන්කරගත්තු CTB බස්, ඉඳහිට හරි යද්දි උනත් අපේ කරගන්න ප්‍රයිවට් බස්..... School Bus එක...
සොඳුරු හැඟුම් එහෙ මෙහෙ පා උන ආදරණීය නුගේගොඩ,
ඉස්කෝලෙ සුදු ගවුම නැතිව ඔයා බලන්න ඇවිත් වැඩක් නෑ. නුඹ අයිති ඒ ඉස්කෝලෙ යන කෙල්ලන්ට කොල්ලන්ට!
මං දන්නෙ නෑ අදත් ඒ ළමයි ඒ වගේම නුඹව විඳිනවද කියල. ඒත් ඒ කාලෙ නුඹ අපේ ජීවිතේ කොටසක්. අදටත් ඒ කොටසෙ නටඹුන් මේ ජිවිත වල ඉතිරියි. ඒකයි මේතරම් දැනෙන්නෙ නුඹව. අද නුඹත්, මමත් එදා උන්නු නුඹ හෝ මම නූනත්....
අදටත් අපිට නුඹ මිහිරක්. ඉරිසියාවක් එක්ක එන දුකක් හිතේ ඇතිවෙන්නෙ ඒ කාලෙ එදාට වඩා අද රස හන්දයි.
"මට ඉස්කෝලෙ කාලෙ මතක් වෙනවා. දැන් බැඳීම් වලට කොටුවෙලා අපිව හිරකරල වගේ දැනෙනවා"
මේ මගේ පළමු වසරෙ ඉඳන්ම මිතුරියක් ළඟදි එවු කෙටි පණිවිඩයක්.
අපි වැඩිහිටි වෙනවා. මතක අපිව අතීතය ගැන ඉරිසියා හිතවන තරමටම අපි වැඩිහිටි වෙමින් ඉන්නෙ දැන්.
ඒ අතීතය දඟකාර කෙල්ලො ටිකක්, නගරයක තැන් කීපපලක් නැත්නම් හිරිමල් වියේ උන්නු කෙල්ලො කොල්ලො ටිකකගෙ බොළඳකම් ගොඩක් විතරක් කියල හිතෙයි කාටහරි. ඒත් ඒ අතීතය අස්සෙ හිරඋන මේ ඉරිසියාකාර හැඟීමම දැනෙන හිත් තව ගොඩක් ඇති.
නුඹයි අපියි අතරෙ තිබ්බ බැඳීම පුදුමාකාර බැඳීමක්!
මේ අකුරු මට දැනෙන දේ ඒ විදියටම කියන්නතරම් මදි. මේ දැනුත් අඬන්න ඕන උන වෙලාවට උගුර ළඟ හිරවෙලා වගේදැනෙන හැඟීම ම හරියට රිදවනව. ඒ හැඟීමමයි එදා බස් එකේදිත් දැනුනෙ.
සුළගේ ළෙලෙනා - මල්සේ දඟපා
අප පාසල් ගිය කාලයේ....
යාලුවො අද නැත - වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ.....
ලොකුපංතියෙ අය - පොඩි පංතියෙ අය
හැමදෙන එක පංතියෙ විසේ....
අපි පොත්වල දුටු - රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ.....
සාමල, අමරල - පොත්වල තව ඇත
එන එන අය හා යාලු වෙතේ....
අපේම පාසල - අපේම මව විය
එදවස් අපහට නැත ආයේ....
මේ සිද්දුව ඇහෙද්දි, මතක්වෙද්දි හිතට එන ඒ දුකමයි... ඒ ඉරිසියාවමයි එදා නුඹ දකිද්දි මට දැනුනේ.
ආදරණීය නුගේගොඩ.....,
අපි වෙනස්වෙලා!
ඇත්තටම .... නුගේගොඩ කියන්නේ අපේ ජිවිතේම කොටසක් ඒත් ටික කාලෙකින් නුගේගොඩ ගොඩාක් වෙනස් වෙලා, එත් තාමත් අපි ආදරේ කරන්නේ පරණ නුගේගොඩට.
ReplyDeleteඔබට නුගේගොඩ දැනෙන්නෝ කොහොමද..මට මාතර දැනෙන්නේත් අන්න ඒ විදියට..ඒත් මාතර එක්ක තවම ජීවත් වෙන නිසා දැනෙන්නේ දවසින් දවස මාතරත් අපිත් එක්කම වෙනස් වෙනවා කියලා..කාලය මැව් වෙනසක අරුමයි තමයි..නිර්මාණය කියවගෙන යද්දි මම ලියපු නිර්මාණයක් වගේ හැඟීමක් ආවේ මගේ හැඟීම් බොහොමයක් මෙයට කැටිවෙලා තියන නිසා..වෙනසකට තියෙන්නේ නම් ගම් වෙනස්වීම පමණයි..
ReplyDelete:-( every good or bad thing has to come to an end someday..
ReplyDeleteප්‍රිය අයගෙන් වෙන්වීම ඉතින් දුකක් තමා ගංගි
ReplyDelete