Monday, March 25, 2013

දූ මුතු ඇටයකි හරිම වටී


ආයෙමත් ඒ හැඟීම!

ඊයෙ ගෙදර එක්ක ආව රෝස පාට ආදර පොදිය ආයෙමත් අපේ හිත් අමුතු ඒ හැඟීමෙන් පුරවල. 

 ඔයාගෙ අම්මා රෝහලට වෙලා ඔයා මේ ලෝකෙට ගේනකල් අපි හැමෝම උන්නෙ හරි තිගැස්මෙන්.දැන් ආයෙමත් හිත පිරෙනගමන්. වඩාගන්නත් බයහිතෙනව තාම. ඔයාට රිදෙයි කියල. 

ඔයාගෙයි, ඔයාගෙ අමමගෙයි- තාත්තගෙයි, ආච්චිඅම්මල දෙන්නගෙයි Photo බලද්දි ඇහැට හත අස්සෙ ඉපදෙන කඳුලක් නලියනව. ඒක තමා ඒ අමුතු හැඟීම!

මේ පුංචි සටහන ඔයා ආව සතුට වෙනුවෙන්. ඒත්, හිතේ පිරෙන ආදරේ පුංචි නෑ දුවේ.

ඉක්මණින් ලොකු වෙන්න ඔයා. අපි හැමෝම බලාඉන්නවා.

~~~~~~~~~~
පුංචි ඇඟිල්ලක් 
ඉඹින්න දෙනවද
අලුත ගෙනා සූකිරි දෝණී

දේදුන්නේ ඉඳලද ගෙන ආවේ
රෝසපාට 
ඔය කොපුලෙ ඇතී

 මැණිකක් නුඹ පොඩි
තුරුලේ නැලැවෙන 
මල්පෙත්තක ඇති සුවද ඇතී

සමනල තටුවකි
සිනිඳු සුමුඳු වෙති
දූ මුතු ඇටයකි හරිම වටී

~~~~~~~~~~~~~


මේ සිංදුව ඔයා අම්මගෙ කුසේ ඉන්නකොට ඇහුව මතකද බලන්න. ඔය සිංදුව ඇහෙද්දි දැනෙන හැඟීමත් හරිම පුදුමාකාර එකක්.


1 comment:

  1. හරිම ආදරනීය සටහනක් දුව. මගේ නංගිලා දෙන්නත් ඔයා වාගෙම මගෙ දරුවො ඉපදෙන වෙලාවෙ බලාහිටිය හැටි මතක් උනා. ඒ එක්කෙනෙක් දරුවෙක් නොවදාම අපිව දාල ගියා. අනෙක් එක්කෙනාට දැන් චූටි දුවල දෙන්නෙක් ඉන්නවා. මට දුක මට එයාට උදව්වක් වෙන්න බැරි උනාට. ඒ දෙන්නා උපන්නෙ මැලේසියාවෙ. මම මෙහේ ඉඳල එයාට අංගුලිමාල පිරිත කිව්ව විතරයි.

    ReplyDelete