Thursday, May 16, 2013

සමනල තටු පාට කුමට - ඔය සෙනෙහේ පාට අගේ



දේදුන්නක් වියා තබමි - පැතුම් එකතු කරන් හදේ
සමනල තටු පාට කුමට - ඔය සෙනෙහේ පාට අගේ

දිලිසෙන ඇස් කතාකරන - වචන නොමැති සෙනෙහෙ ගඟේ
පද අමුණමි නෙතු කියවා - හදවත කවි පෙළක් වගේ

වියත් සඳේ රැස් එලියේ - දිලිසෙන සියපතක් වගේ
ඔබ තුරුලේ සැනසෙන්නම් - ජීවිතයේ දුර ගමනේ

මල් මාවත් නොවේ එදා - පසුකර ආ ගමන් මගේ
එක්වී දුර ගමනක් යමු - සංසාරේ පාර දිගේ

(සුබ උපන් දිනයක් - 16/05)

1 comment:

  1. ලස්සන පද ටිකක්
    ඒත් කාගෙද උපන් දිනේ. . . . . .

    සුබ උපන් දිනයක් වේවා. . . .

    කාටද කියල දන්නෙ නැතත් සුබ පැතුව

    ReplyDelete