හන්තාන! මගේ ඇස්මානෙ....
ඒ මීදුම් රේඛා, හීතල හුළඟ, මේ වැහි බීරම.... අද හැබෑවටම මංළඟ....
මම තාමත් එදා අපි නතරඋන තැන.....ඔයා ආපහු හැරිලද, නැත්තන් මාව පහුකරන් ගිහින්ද කියල හිතාගන්න නොතේරෙන හැඟීමක් එක්ක මම තාමත් එදා අපි නතර උනතැන.....
ඔවු ලස්සනයි! පෝය දාට හන්තාන මුදුනින් පුන්හඳ පායද්දි හරි ලස්සනයි. හැමෝම ඒ ලස්සන විඳිද්දි මං විතරයිද දැක්කෙ හඳ මූණ පිණි කඳුලු කම්මුලේ රඳවන් ඉන්නහැටි.? මමත් දකින එකක්නෑ ඔයා ඉස්සර වගේ මගේ ඇහින් ලස්සන වින්ද කාලෙ තාමත් එහෙමම නම්.... නැත්තං අපේ ගමේ පිට්ටනි ඉමේ පොල් කරඬු උඩින් පායන හඳ උනත් අපි තාමත් ලස්සනට විඳිනව, ඒ කාලෙ වගේ මට ඔයාගෙ ඇහින් ලස්සන බලන්න අවසර තාම තිබ්බනම්....
හන්තානට පායන හඳ හරිම ලස්සනයි! ඔයත් නොදකින මම විතරක් දකින පිණි කඳුලුවල සීතල වේදනාව හරි කටුකයි!
මේ නුවර ගහ-කොල තෙමාගෙන වහින වැස්ස හරි අමුතුයි. ජීවිතේ කාලයක් තිබුන මතකද? හීතල වැහි බිංදු වල අපි උණුහුමක් වින්ද හැටි. මේ වැහි බින්දු ගේන්නෙ වේදනාව විතරයි. අමාරුවෙන් වේලෙන තුවාල ඒ වැහි බින්දු ඇවිත් හූරනව.!
මම ආදරෙයි!. ඔයාට!. ඒ ආදරේ තවත් මට අයිති නැතිඋනත්!.
ඒත් මම මැරිල ඉපදුන්නෑ. !
ඔයාට මේ හිතේ තිබ්බ තැන ඔයා තේරුම් අරං නෑ!
මට එහෙම හිතෙද්දි පවා මට ලෝබයි...
මේ නුවර වැස්සට වඩා ඒ ගැන දැනෙද්දි වහින කඳුලු වැස්ස උණුහුමයි. අපි ඒ කාලෙ අවුවට වැස්සට ඉහලපු පුංචි කුඩේ හැමදාම මගෙ බෑග් එකේ තිබ්බත්, මම දැන් ඉහලන්න අර පාට හතරෙ ලොකු කුඩයක්!
ඔයා දන්නවද, ඒ කුඩෙත් මදි දැන්.....
ඔයාගෙ වචන නිසා හිත නායගිහින් ඉවරයි!
අත වනන පඳුරු ගානෙ මගෙ ආදරේද සේල් දාන්න කියන්නේ? ඉස්කෝලෙ කාලෙ පරිස්සමට රැකගත්තු මගෙ හිතේ පරිමාව ඔයා දන්ව කියලයි මම හිතුවෙ. ඒත් ඔයා මාව අඳුරගෙන ඉඳල නෑ!
මට හරිම පුදුමයි...
ඔයා ආදරේ කරල නෑ කියල හිතෙද්දි දැනෙන හැඟීම! ඔයාට තේරෙන එකක් නෑ කියල මට හිතෙන්නෙ.
ඉතින්, ඔයාගෙ ලිවුම ලැබුනා. ඒ වචන මට මං ගැන හරි අසරණ හැඟීමක් ඇති කලා. ඔයාට උවමනා ඒ දේ නම් මම යන්න යන්නම්.
බලෙන් රැඳෙන්න තරම් ලොකු හිතක් ඔයාට නෑ!
ඔයාට මාව විශ්වාස නෑ නේද?
ඔයාට මට වඩා ඔයාගෙ හිත විශ්වාස නෑ!
මම අකමැති උනත්, මට තේරෙනව ඔයා ආදරේ කරල නැහැ!
ඔවු! හන්තානට පායන හඳ ලස්සනයි... ඇත්තටම ලස්සනයි! ඒ හඳේ කොපුල්වල තියන කඳුලු දකින්නේ මම විතරයි!
අපේ ගමේ පායපු හඳ මට ඊට වඩා හැඩයි. මම දැන් ආදරේ කරන්නෙ ඒ මතකෙට!
ගුලි කරල විසි කරන්න මගෙ මතක? ඔයාට පුලුවනිද එහෙම කරන්න?!
ඔයාට අමතක උනාද මුලු විශ්වයටම පායන්නෙ එකමෙක හඳක් විතරයි....ඒ හඳ දිහා අපි බලන විදිය විතරයි වෙනස්!
(මම සිංදුවක් ගැන තරහින්!)
මමත් ආස ම සින්දුවක් මේක. කෙනෙක් මගෙන් කාලෙකට කලින් ඉල්ලුවා ඒ සින්දුවේ තියෙන දේ හැබෑ කරන්න එපා කියලා. ඒත් එහෙම සින්දු හැබෑ කරන අයත් ඉන්නවා නේද?
ReplyDeleteමේ ගීයට මාත් හරිම ආසයි. කාලෙකට ඉස්සර මාත් මේ හැඟීම වින්ද නිසා. මතකය විතරක් ඉතිරි කරන් හූල්ලන්න හිත් දෙන්නෑ දැන් නම්. ගීය ඇහෙන කොට නම් සංවේදී වෙනව ඉබේටම. ලස්සන සටහනක් දුව.
ReplyDeleteඔයාට මේ හිතේ තිබ්බ තැන ඔයා තේරුම් අරං නෑ!
ReplyDeleteමට එහෙම හිතෙද්දි පවා මට ලෝබයි... (Y)
"හන්තානට පායන හඳ හරිම ලස්සනයි! මේ නුවර ගහ-කොල තෙමාගෙන වහින වැස්ස හරි අමුතුයි. "
ReplyDelete"ඔයාට මේ හිතේ තිබ්බ තැන ඔයා තේරුම් අරං නෑ! බලෙන් රැඳෙන්න තරම් ලොකු හිතක් ඔයාට නෑ! "
"ඔව්! හන්තානට පායන හඳ ලස්සනයි... ඇත්තටම ලස්සනයි! ඒ හඳේ කොපුල්වල තියන කඳුලු දකින්නේ මම විතරයි!"
හ්ම්ම් මාත් ඒ සිංදුව එක්ක තරහ වෙලා ඉන්නෙ.
මැණික්