Thursday, March 27, 2014

ගිණි පුළිඟු දියවෙලා වැටෙනවා!



හය හතර ඉගෙනගත් පාට වැඩි ඒ කාලෙ
තාත්තා ඇත්තටම ඉන්නවා
දූවරුන් පොකුරෙ- පොඩි, සිවුවැන්නි මම තමා
මතක මට මහගොඩක් වටිනවා

අද වගේ ඒ කාලෙ කතිර ඉල්ලන් ආව
මාමලා මතකයේ මැවෙනවා
රතු පාට මැයි මලෙක පාට ලස්සන නෙද
මාමලා ටිකට් පොත් ගේනවා

ගිණි ගහපු දහවලේ ගිණි පුළිඟු දිලිසෙද්දි
තාත්තාගේ වචන ඇහෙනවා
"පුතෙක් වැදුවේ නැතත් - පුතෙක් උන්නා මටත්!"
ඒ පුතා නොවටීද? අහනවා

රටක් වෙනුවෙන් නේද?- ඔබත් විරුවෙක් ධීර
මාමලා පයක් පහුබසිනවා
රටක් වෙනුවෙන් නෙවේ - පක්ෂයක් වෙනුවෙනුයි
ගිණි පුළිඟු දියවෙලා වැටෙනවා!

රතු පාට මැයි මලෙක නොදුටු අයියා ඇන්ද
ලේ සුවඳ හෙමින් මට දැනෙනවා!

2 comments:

  1. පාට රතු මැයි මල් හැමදාම පිපෙනවා
    රතු පාට මකරන්ද තැනින් තැන තියනවා
    මොනවදෝ මොනවදෝ කියන්නට තනනවා
    මලට බර වැඩි වෙලා පරව බිම වැටෙනවා

    ReplyDelete
  2. රතුටාට මැයි මල්
    අදත් පිපෙනවා හරි හැඩට...
    ඒදිගේ තාරුණ්‍යය වෑහෙනවා
    අපූරුවට...
    තවත් අය මැයි මල දැක මතක්වී
    එමල විකුණගෙන කනවා අපූරුවට

    ReplyDelete