Tuesday, April 29, 2014

ලුණු මිදෙන වෙරළතක කඳුල රස මදි නොවෙද




පාට ගෑ අත් ලකුණු උණුහුමට ගෙයි බිතක
කිරි සිනා සිතුවමක් මවයි හදෙහී කොණෙක
සමු ගන්න සිපගත්ත නලල හැඩි කල දෙතොල
සැලෙනවා ඉකිහඬට නුඹ කොහිද මගේ පුත

ජීවිතය පාටකල හීන මතකඳ මිතුර
ලුණු මිදෙන වෙරළතක කඳුල රස මදි නොවෙද
පාවෙලා ආ දිනෙක කෙස් රොදක් හෝ මවෙත
අමතකව තියේවිද හීනමය අතීතය

අඳුර ගැඹුරුයි තමයි මූද හරි හීතලයි
රැලි නඟින ඔය දියඹේ නුඹව ශේෂව නොයයි
අතහැරුණ අතැඟිලිත් තවම නුඹවම සොයයි
හැංඟිමුත්තං මදිද හිතත් දැන් හරි බරයි

මතක රැලි නඟිනවිට මුහුද අද ගොලු මොකද
වැහි ලිහිණි තටුවලට විඩාවක් දැනිලාද
ලවණ රස කඳුලකට නිදහසක් නැතිව වද
මියෙන හිත් දහසකට සරදමක් කෙරුවාද



2 comments:

  1. නිල් පැහැති පසුබිමෙහි අකුරු කියවීම ඇත්තටම අපහසුයි. අකුරු කහ පැහැ උනා නං අගෙයි

    ReplyDelete
  2. පටට්
    ඇත්තටම කවිය ලස්සනයි..
    ජයවේවා

    ReplyDelete