වැස්ස!
මම ආදරය කරන වැස්ස!
මේ මන්දාරම් ගතිය එක්ක ඉබේටම හිත මතක් කරන්නෙ ඉස්කෝලෙ. හරියටම අවුරුදු දහයකින් එහාට දුවන කාලෙ.
ඒ එක්කම තාත්තා!
සති කීපෙකට කලින් මට මතකයි චූටි අක්කට හැදුන බඩේ අමරුවක් එක්ක ඔට්ටු වෙලා නිදාගන්න ඇඳට ගිහාම මට තාත්තා මතක් උනා, ඉස්කෝලෙ යාලුවො මලගෙදර ආ හැටි, ඊලඟට රොටරිය එහෙ උන සිද්දියක් මතක් වෙලා මං තනියම හොඳටම හිනා උනා. A/L පංතියෙ හොඳම යාලුවත් එක්ක SMS වලින් රෑ 1-2වෙනකල් අතීතය හුවමාරු උනේ මගෙ පොත් මේසෙ අස්සෙ තිබ්බ සමරුපොත මුල ඉඳන් අකුරක් නෑර කියවන අතරෙ. හිනා දියවෙලා කඳුලු පටල ඇස් බොඳ කරද්දි මම නිහඬ උනා. ඒත් නින්ද ආවෙ නෑ. ඒක බොහොම දුකහිතෙන රැයක්! අතීතය එකක් පස්සෙ එකක් මතක් වෙද්දි මම දුක තව වැඩිකරගනිමිනුයි උන්නෙ.
අතීතය ඒ වගේ!
මට මතකයි ඉස්සර, මම තාත්තගෙ පපුව උඩ නිදාගත්ත හැටි. එහෙම නිදන්න ආයෙ තාත්තා එන්නෑ. මට ඕන නෑ පපුව උඩ නිදන්න.
ඒත්,
තාත්තා!
මට ඕනෙ!
අද පාන්දර තාත්තා ආවා. හීනයක් ඇතුලෙන්. ගෙදරින්ම මට විතරක් පේන්න හීන එක්ක ආවට හැමදාම එකම අදහසම අරං එන්නෙ ඇයි?
මරණය!
එක හීනෙක ඔයා මැරිලා. ඒ මරණය ආයෙ ආයේ මට දකින්න ඕන නෑ! ඒත් විකල්පයක් නෑ. ඒක හීනයක්!.
තව හීනෙක මැරුණ ඔබ මැරිල නෑ. ඒක වැරදීමක්. මම හීනෙන් 'තාත්තා මැරිල නෑ' කියන්නෙ කොයිතරම් බලාපොරොත්තුවකින්ද. ඒත් පලක් නෑ. ඒක හීනයක්!
ඒ එක හීනෙක වත් තාත්ත කතා කලේ නෑ. මදහසක් ඇරෙන්න ඒ ලස්සන හිනාව නෑ. ආලෝකයක් නෑ.
එක්කො හැන්දෑව, එක්කො රාත්‍රිය
නැතිනම් වැස්ස!
අද හරියට වැස්ස!
පසු සටහන:
හද රිදෙවු හැඟුම් අකුරු කර ලයට අස්වැසිලක් දෙන්නට දැරූ වෑයමකි.හිතක ඇති දේ එලෙසින්ම දැනෙන්නේ එහිතටම පමණි!
හිත ඇතුලෙ මතක වැස්සක්,
ඒත් අකුරු දිය කරන කඳුලු වතුරින් වහින වැස්සක්!
තාත්තා මහ ලොකු යෝධයෙක් වගේ ළමයින්ට පේනවා පහු කාලෙක..
ReplyDeleteතරහා අවසර....පසු සටහන කියවීමට නොහැක....
ReplyDeleteකාලෙක යෝධයෙක් වගේ
හිත පුරා ඉදන්
වැරදෙනකොට යන්න පාර
පෙන්නපු
ගුරු තරුව....
ඒ තාත්තා
ඒ සෙනෙහස කවදාවත් අමතක වෙන එකක් නෑ දුවේ. ඒ තරම් ඒක මහා ප්‍රභලයි. ඔයාත් කවදා හරි අම්මෙක් උනාම මේ දේ වැඩියෙන් දැනේවි. දරුවෙක්ට තියෙන මාපිය රැකවරනය, සෙනෙහස කවමදාකවත් කෙනෙක්ට මැනල කිරල වටිනාකමක් දෙන්න බැරි දෙයක්. එයාල ජීවත් වෙලා ඉන්න කල් හිත් රිදවන්නෙ නැතිව ආදරෙන් රැකබලා ගන්න එකයි අපි කරන්න ඕනෙ.
ReplyDeleteතාත්තා...........................
ReplyDelete