පියාඹන කාලය ළඟ
නතරකරනෙමි හදවත
පියාගෙන ඇස්පිය නෙත
අඳුර දකිනෙමි මොහොතක
පියාඹන්නට රිසි හිත
මොහොතකට තටු පිළිසිඳ
අසා ඇති ලෙස නෙකවර
මම මගෙන් මුදවාවිද
කඳුලු හුරු නෙත් තදකර
සුළඟෙ සිට හිනැහේවිද
කඳුලු දැක නෙක නෙතු ළඟ
පසුතැවෙන්නට වේවිද
රෝස පෑ නැති කොපුලත
තවත් අඳුරුව යන සඳ
තාත්තා මෙන් මා මුව
ගලක් සේ රලු වේවිද
ගැහෙද්දී හද නොදුටුව
නෙක මුහුණු මා වටකර
ඉතිරි වූ දෙන සිඹ සිඹ
සුවඳ පැන් ඉස යාවිද
හිරු මියෙන හෝරාවෙක
මිදුන කය ඔසවාගෙන
අතීතය සිහි කරකර
ඔහුත් ඒවිද සොහොනට
අක්කලා ඉකිබිඳීවි
අම්මා ගෙ හිත බිඳේවී
දෝණි හා පුතු ළඟ ඉඳන්
පුංචො නැඟිටින් කියාවී
මතක පාවඩ මත එලූ
අම්මාගේ ගත රැඳි සුදු සලු
බොර පාටවී, තෙත බරිත වෙයි
අමතකව යයි සුදු පිරූ
පියාඹන කාලය ළඟ
නතරවු හිත සිඹ සිඹ
දෙනෙත් හැර, මොහොතක් රැදඳෙමි මම
'අඳුර' දකිනෙමි බෝ දුර
ඇයිද දුකම පමණක්
ReplyDeleteඅකුරු වෙන්නේ...
සතුට නැතිද ඉතිරිව
සැහැල්ලුවෙන් පියඹන්න
මග බලාගෙන..
කවිය ලස්සනයි.... ඒත් දුක වැඩී...
ජයවේවා
බෝම සාරයි..
ReplyDeleteදුටු - නුදුටු මරණය
ReplyDeleteවිඳි - නොවිඳි මරණය
පෑ - නොපෑ මරණය
එතරම්ම අපූරුද ?
මරණ සතිය වඩන එක බොහොම හොඳ දෙයක් නෙ. කවදාක හෝ ඒවි අප සැම කරා.
ReplyDeleteජීවිතය අද ගෙවන්.හෙට මැරෙන බව සිතාගෙන.
ReplyDelete