Wednesday, June 18, 2014

ලැජ්ජයි!


මනුස්ස කණ්ඩායම් අස්සෙ රණ්ඩු ඇතිවෙන එක සාමාන්‍යයි. ඒවට පිදුරු දාන්න යන්නෙ කොහේවත් ඉන්න අය වෙන එකයි දුක. සමහර විට, ප්‍රතිරූපය කියන එක අභ්‍යන්තරෙන්ම ඇති වෙන්නෙම නැති අවාසනාවන්ත සමහරු ප්‍රතිරූපයක් භාහිරින් හදාගන්න කියල කරන දේවල් වෙන්න ඕනෙ ඔය. ඒකෙන් එයාලගෙ ප්‍රතිරූපෙ කෙසේවෙතත් ශ්‍රී ලංකාවෙ  රූපෙ නම් ගන්නම දෙයක් නැති තත්වෙට වැටෙන එකයි දුක.

ලැජ්ජයි!

අපි කාටත් ලංකාවෙ ඉන්න හැම ආගමකම යාලුවෙක් ජීවිතේ කොහේදි හරි මුන ගැහිල නැත්තං ඒක ඇත්තටම පුදුම වෙන්න ඕන කාරණාවක්. හිතට දැනෙන්නෙ හරි වරදකාරී හැඟීමක්. ෆරීහා මට 2002 - 2004 නුගේගොඩ රොටරියෙ ශ්‍රීනාත් සර් ගෙ Chemistry Class එකේදි අහම්බෙන් මිතුරු උන යාලුවෙක්. ඈට මම ඊයෙ කතාකලා. අනේ බලන්ඩකො. ලැජ්ජාවෙ බෑ. ඈ කිවුවා.

මටත් ලැජ්ජයි!

පිදුරු ගොඩ හොඳටම වේලලා වේලලා සැරින් සැරේ ඒකට සිගරට් කොට, නිලා කූරු, විසි කරල එන දුම දිහා බලා ඉදල ප්‍රතිරූපෙ up කරගෙන  සතටු උන කට්ටිය දැන් සමහරවිට වතුර බාල්දි උස්සාගෙන කිඹුල් කඳුලු හල හල අඩනවා ත් ඇති. ආයෙත් ඒ පිදුරුගොඩ තව හොදට වේලලා ඇවිලියන් කියල ගිනිකූරක්ම ගහන්නත් බලාගෙනම. 

ගෞරවය, අභිමානය රැදෙන්නේ හෝ ලැබෙන්න්නේ අපි අනිකාගේ අනන්‍යතාවයට ගරුකරන කල් විතරයි.  ඒක නැති උන තැන ඉඳගෙන අපිට බෑ අනෙකාගෙන් ඒ දේ ආපිට බලාපොරොත්තු වෙන්න. ඉරිඟු වපුරල හාල් බලාපොරොත්තු වෙන්න එපා කිවයනවනෙ. 

දැන් ඉතිං 'ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා' කියල ප්‍රශ්නෙ වහන්න අමාරුයි. එහෙම කාලයක් තිබ්බ. ආයෙ සමහරවිට එන එකක් නෑ.  මම දැක්කා පුද්ගලික Bus එකක මට ඉස්සරහ ඉඳගෙන උන්නු මුස්ලිම් කෙනෙක් පොඩි ළමයිගෙ පාඩම් වලට ඕන කරන රට රට වල ජාතික කොඩි තියන රූප කොලයක වෙන මොකද්දෝ කොඩියක් ඉඹිනව. දවසක් එක්තරා බැංකවක ඉන්න Security ල සේරම Counter එක ගාව බුර්කාවක් ඇඳන් ආපු කෙනෙක් ගාව. ඒ අස්සෙ ඥානසාර හාමුදුරුවො වගේ අය ඉස්සර උන්නු අනගාරික ධර්මපාල තුමාගෙ චරිතෙ අනුකරණය කරන්න වගේ ගිහින් ඇදගෙන නානවා. කාලෙ වෙනස්ම පැත්තකට රට ගෙනියනවා. මේ ඔක්කොම අස්සෙ ජනාදිපතිතුමා බොලිවියාවෙදි සාමය ගැන සම්මාන ගන්න අතරෙ ඕස්ට්‍රේලියානු රජය ලංකාවට එනවනම් පරිස්සමින් කියල අනතුරු අඟෝනව. විහිලුයි වගේ නේද?

මම ඇහුව එක video එකක සිංහල කෙනෙක් කියනව "අපිටත් මුකුත් කරගන්න බැරි උනා. අපි උදවු කරනන යද්දි අපිටත් ගැහුව" කියල. මුස්ලිම් කෙනෙක් කිවුවා "එතන එක මුසලුමානුවෙක් වත්, එක බෞද්ධයෙක් වත් හිටියෙ නෑ" කියල. ඇත්ත ඒකයි. බාහිරින් ඇවිත් දේශපාලනේ සාමාන්‍ය ජීවිත අස්සෙ රඟපාන එක නවත්තනකල්, ආයෙ යුද්දෙකට රට ඇදෙන එක නවත්තන්න බැරිවෙයි. රජය මේ කෙලින් තීරණයක් ගන්න ඕන වෙලාවක්. නැත්තන් ඊළඟ ට අපිට අවුරුදු 30මදි වෙයි රට බේරගන්න. 

83 කලබල කාලේ මං ඉපදිලා නොතිබ්බ එක ගැන මම සතුටුයි. ඊට අවුරුදු දෙහෙකට පස්සෙ ඉපදිලා ගෙවුන අවුරුදු විසිනමයට 83 හෙවනැලි පවා හිතට ගෙනාවෙ හරි අපුලක්. සමහරවිට LTTE ත්‍රස්තවාදීන් ගැන යුද්දෙ අන්තිම කාලෙදි හැම පැත්තෙන්ම ලැබුන මොරාල් එක හංදා, යුද්දයක් නැතිව එක්තරා කණ්ඩායමකට නින්ද යන්නෑ නෑ වගේ දැනෙව වගෙයි පේන්නෙ.

මම කැමතියි මම ඉපදෙන්නත් කලින් ඉඳන් තිබ්බ යුද්දයක් මම තරුණ කාලෙ ඉවර උනා කියල අනාගතේ දවසක කියන්න. මම කැමති නෑ මම ඉපදෙන්නත් කලින් ඉඳන් තිබ්බ යුද්දයක් ඉවර වෙලා රස්නෙ මැකීගෙන වගේ යද්දි තව යුද්ධයක් පටං ගත්තා කියන්න.

9 comments:

  1. නානසාරල වගේ ගනින්නාන්සෙල පන්නල දාන්න ඕන
    ඊට පස්සෙ නයි ටී ඇං වගේ පාහර මාධ්‍ය තහනං කරල දාන්න ඖන...

    ReplyDelete
  2. මොනව කරන්නද සහෝ,දැන්නම් ලංකාවෙ පාස්පෝට් එක තියාගෙන ඉන්නත් ලැජ්ජයි.

    ReplyDelete
  3. වැදගත් කෙනෙක් කියුව විදියට සියළු අන්තවාදයන් අප පරාජය කල යුතුයි..

    ReplyDelete
  4. අන්තවාදීන් මොන ජාතියක වුනත් සමගියට බදාවක් .....

    ReplyDelete
  5. මේ සමාජයේ ලේ දකින්න ආස කොටසකුත් ඉන්නවා කියලා සැරින් සැරේ ඔප්පු වෙනවා.. ඒකයි දුක..

    ReplyDelete
  6. කොහොම උනත් අතලොස්සක් නිසා ආදරය කරන තවත් සමහරකට ඇතිවෙන පීඩාව ඉවසන්න බැහැ තමා. ජාතියේ අභිමානය කියලා තවකෙනෙක් තලා පෙලා කටයුතු කරන එක හරිනෑ. අවුරුදු කාලෙ දෙහිවල පවර්වල්ඩ් එක තියෙන තැන අපේ යහළුවෙක් ඉන්නවා. අපි එහේ යත්දි හරස් පාරෙ වාහනයක් නවතලා. අපි නලාව ගැහුවම ඇවිත් බැලුවෙ හරියට අපි වරද කලා සේ. එතනම එයාලගේ පල්ලිය. කොලු කමට නිකම් ගස්සලා තමා වාහනේ ගත්තෙ. මගෙ මහත්තයා හා පුතා පැටලේවි කියල මම යන්න අරින්න කිව්වා. නැත්නම් එදාත් මේ වාගෙ දෙයක් තමා වෙන්නෙ. දැන් හැදෙන අය නාහෙට අහන්නෙ නෑ වාගෙ.

    ReplyDelete
  7. ලේ වෙනුවට බලවාදය ඇගේ දුවන මිනිස්සු එක්ක ජීවත්වෙන්න ටිකක් අමාරුයි.එකිනෙකා පාවාදෙමින් තමන් රජවෙන්න හදන මිනිස්සු කවදාවත්ම තවකෙකුගේ යහපත ගැන හිතන්නෑ.අත්තටම ලැජ්ජයි,වෙන මොකුත් නිසා නෙමෙයි තිරිසන් සතුන් ළග තියෙන සමගියවත් අද මිනිස්සු ළග නැති එක ගැන.මේ වගේ ලිපියක් ලියලා අන්ධ දෙනෙත් විවර කර සැබෑ සමාජ යථාර්ථය අවබෝධ කරන එක ගැන අත්තටම සතුටුයි.ආඩම්භරයි.දිගටම ලියන්න.අපේ රට රැක ගන්න පෑනෙන් යුතුකම ඉටු කරමු.

    ReplyDelete
  8. ජාති වාදය නිදි යහනෙන් පිඹිදෙන්නේ
    බැලු බැලු තැන අසමගියයි වැජඹෙන්නේ
    සැම දෙයක්ම බලා සිටින දෙවියන්නේ
    අපේ රටට හෙණ ගැහිලද නවතින්නේ

    ReplyDelete
  9. Lucky Club Live Casino Review for 2021
    Lucky Club Live Casino was founded in 2018 by the online gambling and entertainment company. It has been in operation since 2018. The site has a long  Rating: 3 · ‎Review by Lucky luckyclub.live Club Vegas

    ReplyDelete