Showing posts with label මටමයි වෙන්නෙ. Show all posts
Showing posts with label මටමයි වෙන්නෙ. Show all posts

Friday, April 4, 2014

ආතතිය නිවන්නට



අකුරක් නොදුටු වරදට
Tender එකත් Recall කර ඇත
call කර බණින නොබණින
ලොක්කා  සිටී මල අතේ ගෙන

ඉරිද හවස මුහුදු හුළඟට
පෙඟුන හිසකේ වේලෙන්ට පෙර
හැන්දෑවෙ කෑ වැනිලා Ice Cream වල
සතුට සැමරීමි රිදෙන උගුරක් සමඟ

අම්මාගේ රැවුම් සහ අක්කාගෙ විස්මිත 
දෙනෙත් හනිකට මඟහැර
කුස්සියට වී කෑවෙමි ජම්බු අච්චාරු
ඊයේ රසම රස

ගිණි ගහන අවුවේ කහ ඉරෙන් පැන
රසම රස මල් බිස්කට්, සීනි මුරුක්කු සමඟ
ඇඹුල්ම ඇඹුල් ලුනු මිරිස් දැමූ අඹ
ගෙන ආමි ආතතිය නිවන්නට 

තුනට වැඩ ඇරෙමි අද හිත හිතා,
හිත හිතා තවම වැඩ මම

Friday, March 29, 2013

කාලය







එදවස 
දින ගෙවුන ඉක්මන!
නුඹ නැති එක දිනක්, සුමානයක් තරම් උන!

මෙදවස
දින ඇදි ඇදී යත
නුඹ එන එක දිනය, අසුරු සැනෙකින් ගෙවෙත!

Friday, February 1, 2013

දුකට සතුටට දෙකටම




මල් කිණිත්තක් තුරුලුකර
හරිම ඇට්ටර බටිත්තෙක්
මගේ හිත තුල සැඟවැගෙනැ
පාතුඩින් හද කිතිකවත්!

පැන් පොඩිත්තක් රසකැවූ
උඟුර ළඟ හරි කලබලෙන්
එහාටද මෙහාටද හිත හිතා
සක්මනේ හරි කලබලෙන්!!

Tuesday, October 9, 2012

ඕනවෙයි කල් මට...




වසන්තය
ඔබ 
උදාවෙන්නට සිතා ඉන්නා දවස
කියනවද මට?

(රහසින්වත්?, මං රකින්නම් ඒ රහස ...)

එන්න කලින් ඔබ
හදාගතයුතුයි හිත මම
ඕනවෙයි කල් මට.....!

(සමහරවිට, ඔබ එන්න හිතනා දවස වේවි කල්දමන්නට....!!)

Thursday, August 9, 2012

හිත රිදුනාම




පුරා වසරින් වසර නෙක
ගෙවී ගිය මොහොතක් අසල
මැකී නොයනා මතක ඇත
තාම හදවත මත්කරන

ගෙවීගිය කාලය අසල
බැඳීසිටි යුරු සිහිකරන
මතක මංපෙත අසබඩදි
නෙත් කෙවෙනි තෙත්වෙයි නොසිතාම

හාදුවක් පළඳා නලල මත
කඳුලකුත් පිසදා හෙමීහිට
ඔබ ළඟින් උන්නා මතක ඇති
අමතකව යන්නේ කෙලෙසකද

යදිද්දී සෙනෙහස නිතර
මා එපාවෙන්නැති නැහැ පුදුම
මගේයැයි සිතුනිසා ඔබ
තරවටුකලෙමි මම බොළඳ මට

රලු හිතක් එක්කල ඉපදිච්ච
මම කුමට ඔය පැහැබර හිතට
ඔය හිතේ අයිතිය කුසුමින් සැදුන
ඒ හිතට පවරාදෙන් හනික

පුරා පෙරුමන් මුනගැහුන
ඇසිල්ලක තුරුලුව ඔබට
අසාඋන්නේ හදගැස්ම
වෙන කෙනෙකුගේ වූ හදවතෙද

ඔබා දණ ඔය දෙපා ළඟ
පැදකුණු කලේ හදවතින් මම
ඒ දෙපා ළඟ දූවිලි අතරෙ
අද දකිමි මගෙ හිත මියෙන හැඩ

මගේ යැයි ඔබ සිතු පවට
වරදකරු මගෙ හිතම විය
නතරවෙමි මග නොයා දුර
ඉඩ දී ඇයට දුර ගමනකට

(1/08/2012)



Thursday, July 5, 2012

දුකක්



ඉපදීම
දුකක් හංද(මද මන්දා)
උපන් දවසත් 
දුකක්

මට
සුභ උපන් දිනයක්!

Thursday, June 9, 2011

බැරිම තැන



ගඳ ගහන උදෑසන
පිපිරෙන කේන්තියට
නැවතීමක තියන්න....!,

ගෙදර උන්ගෙ පරිස්සමට
වැටක් බඳින්න....!,

මලවදේ ළඟකඳි ඉඳන්
උඹ පාඩුවෙ නූන්නට....!,

ඉවසලා ඉවසලා බැරිම තැන
පළවෙනි සිල්පදේ බිඳින්න උනාමට !!

Friday, May 6, 2011

හරි සනීපයි



සිතුවිල්ලෙන් - සිතුවිල්ල.,
අකුරු කර, කැටයම් කරන කොට.,
Current යනවත් එක්කම
UPS එකත් Off උනාම.,
දැනෙන සනීපය!!
ටිකකින් Current ආවට,
Save නොවුන සිතුවිලි ගොන්න
අයෙ එනවද?..11

ආවත් හිතට හරි නෑනේ
උනු උනුවෙ ලියවුන එව්වා වගේම!!

මටමයි වෙන්නෙ...
සංසාරේ.....!!