Showing posts with label වෙසක්. Show all posts
Showing posts with label වෙසක්. Show all posts

Thursday, May 23, 2013

දහමෙහි රසය දැන නිති හිත සැනසේවා....!



නිවෙනා මනස නිවනේ මඟ දකින දින,
සුවෙනී එදින සංසාරේ දුක මිදෙන....
බැඳුනේ කෙළෙස් පිරි ලෞකික මිනිස් හිත,
බැමි දැන් මුදමු මෙත් මුදිතා සුවය විඳ.... 

පුදමින් පියුම් සම්බුදු සිරිපතුල් සිඹ,
සිහිකර දිරණ ජීවිතයේ දුකැති බව,
නිළඹර දිලෙන හිරු මෙන් නොදිරනා ලෙස
රැකගන්නට සිතමු කෙලෙසුන් නැසූ හිත....

හදවතපුරා ඉතිරීයන සැනසීම,
පෝදා හඳ වගේ දිලිසේවා නිඹඳ....!
තැන තැන සෑම දැල්වෙන පහනෙහි එලිය,
සැම සිත් එලිය වේවා මෙත් එලිය විඳ....!


දහමෙහි රසය දැන නිති හිත සැනසේවා....!
බුදු නෙත් පියුම් මෙන් කරුණා ඉතිරේවා....!
කුසුමක සුවඳ සේ  සිතුවිලි ඇතිවේවා....!
වෙසඟේ සිරිය හදෙහි නිති පැතිරේවා....!

24/05

Friday, May 4, 2012

පැතුමක් පතමු කෙලෙසුන් දුරලන හෙටක




පුර සඳ දිලෙන පෝ දා මුදු සිලි-සිලිය
සිසිලස සිතේ වේවා  සඳ විලස
සුදු වත සදන සුන්දර පිරිසුදු දසුන
සිත-සිත රැඳේවා පිවිතුරු සුදු පැතුම

පහනින් නැගෙන එලියෙන් දුරු වූ අඳුර
විලසින් දුරුව යාවා මෝහයෙ අඳුර
මුවඟින් නැගෙන සැනසුම් සුසුමක රහස
ඟැඹුරින් දැනේවා වෙසඟේ සිරි අතර

බුදු පා පුදන සුකොමල මල් නෙක පාට
මියෙනායුරු දකිමු පැන් යෙදුවත් බෝම
අතහැර යන දිනේ අදරැති හැම දේම
සිහිකර ගනිමු හොඳ සිතුවිලි මෙත්සාර

සුවඳින්, සුවඳ මිනිසත් බවෙහී සුවඳ
සුවයෙන්, සුවය සැනසුම ඇති නිසි දිවිය
පතමින් වෙසක් ආසිරි කාටත් තුටුව
පැතුමක් පතමු කෙලෙසුන් දුරලන හෙටක

Friday, May 20, 2011

වෙසක් පැතුම්



නිවී සැනසේවා සෑම සිත්
බෝ මලුවෙ සිල් සුවඳ සේ.,
එලිය වේවා නැණස පෑදී
දැල්වෙනා පහනක් ලෙසේ....

පිපෙන, පරවෙන පියුම් මෙන් වූ
සසල වෙන මේ ජීවිතේ.,
සිතට සැනසුම ලැබේවා නිති
බුදු නෙතෙහි මෙත් සිහිල සේ....

සිත් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යක් වේවා!!
මැයි 17