Monday, February 27, 2012

ජීවිතය! (දරාගෙන)



දරාගෙන වේදනාව

ඉවසලා .......
ඉවසලා......

අන්තිමේ,

ඉරි තැලුනි 
කලුගල් 
ජීවිතය!

Tuesday, January 31, 2012

යා-යුතු මඟක් ඇත




ගෙවෙන කාලය, ගෙවුන කාලය
ඔබේ සුවඳම පුරා හදවත
සිනා මල් නොව කඳුලු පිණි උව
දරා ඉන්නෙමි සෙනෙහෙ අබියස

දරා හිරු මල,  දැවි නොමයන
අහස මනරම් අරුම සේලය
ලියා කවියක් වළා ඉරුවක
පළන්දමි තිළිණයක් කර හිත

දහස් වර දුටු අහස් ගවුවට
පාට ගෙන එහි ඇඳුන දේදුනු
තෙරක් නොපෙනෙන ජීවිතේ ළඟ
සිත්තමක් කැටයම් කලා ඔබ

දෑස් කැල්මෙන් හිතට කොඳුරන
වචන නොදැනෙන කවිය ඔබමය
ආ මඟක් වෙත,  සුරඟනන් නැත
පැතුම් මත සැදි, යා-යුතු මඟක් ඇත

Monday, January 16, 2012

ගමේ ගිහින් ඒ මල සකි



ලස්සන කමිසයක් ඇඳල
රතු හිස් වැසුමකුත් දලා
ආඩම්බර හිනා ඉරක්
පුංචි මූනෙ හැඩට ඇඳල

ආච්චි අම්මාට වැඳල
හාදුවකුත් තුරුලෙ තියල
පුංචි පුතා සූදානම
ගමේ ගිහිං එන්න කියල

හිමිදිරියේ අඳුර මැඳින්
මුතු ඇටයක් ඇදෙන ලෙසින්
පුතා අපේ ගමේ ගිහින්
ගෙදරම පාලුයිනෙ ඉතිං

උදේ පාන්දරින් පිබිද 
සිනා සලන මල කෝ සකි
උදේම යන කෝච්චියෙන්
ගමේ ගිහින් ඒ මල සකි

හඳට හොරෙන් රහස් කීව
වලාකුලත් පේන්න නැති
තරු කැට එක දෙක හෙමිහිට
දුකෙන් වගේ නිමිච්ච හැටි

ලේන පැටවු හරි පුදුමෙන්
අත්තෙන් අත්තට පනිමින්
මිදුල පුරා කර විපරම්
පුතු කොහිදැයි අසති දුකෙන්

සමනළ පැටියෙක් ඇවිදින්
දොරකඩ නැවතී මොහොතක්
දේදුනු පැහැ තටු අකුලන්
පොඩි පුතු කොයි දැයි විමසත්

මුලු ගෙදරම හරි පිළිවෙල
තිබු දේ තිබු  තැනම වෙතය
ඒ උනාට මේ පිළිවෙල
අපිළිවෙලකි පුතා නැතිව

බත් කවන්න මිදුල වටේ
ගස් උඩ සහ ලිඳ අසලේ
පුතුත් එක්ක ඇවිදිලි නැති
මේ නිදහස වැඩක් නැතේ

ආච්චි අම්මගෙ උකුලේ
උඩ පැන පැන දුන්න වදේ
නැතුවට ඈ දුකින් අනේ
පුතු ගැනමයි නිතර හිතේ

සිවු පද පටලා කියන්න
පපුවට තුරුලුව නිදන්න
හුරතල් මුහුනත සිඹින්න
ඉතිං පුතේ ගෙදර එන්න

Monday, January 2, 2012

ජයග්‍රාහකයෙකු වන්නේ එසේය ::::That's How to be a Winner


උපුටා ගැනීම නෝමන් වින්සන්ට් පීල් ගේ 'The Power of Positive Thinking' පොතෙහි සිංහල පරිවර්ථනය වන 'ආලෝකවත් ජීවිතයකට' පොතෙන් (පරිවර්තක : ගාමිණී කුමාර විතාන)





කළ හැකි හොඳ ම දේ,ඔබට කල හැකි නම්,
ස්වශක්තිය කෙරෙහි විශ්වාසය ඇත්නම්
ප්‍රමුදිතව සහ අවංකව ජීවත් වනන්නේ නම්,
ජයග්‍රාහකයෙකු වන්නේ එසේය.

සවන් දීමට හා බෙදාහදා ගැනීමට කාලය ගන්නේ නම්,
ඉවසීම,ත්‍යාගශීලීබව සහ කාරුණික බව ඇත්නම්
අනුනට ගෞරවයෙන් සැලකිලිමත් වේ නම්,
ජයග්‍රාහකයෙකු වන්නේ එසේය.

යන එන හැමතැනම සුන්දරත්වය දැකිය හැකි නම්,
ඔබ පෙන්වනු ලබන ශක්තියට ප්‍රශංසා කරයි නම්
උගැනීම හා වර්ධණය වීම ප්‍රාර්ථනා කරන්නේ නම්
ජයග්‍රාහකයෙකු වන්නේ එසේය.

යහපතම නිබඳව බලාපොරොත්තු වේ නම්,
කළ නොහැකි කිසිවක් නැතැයි විශ්වාස කරන්නේ නම්,
උදාවන හැම දිනයක්ම පූර්ණ කැමැත්තෙන් ගෙවන්නේ නම්,
ජයග්‍රාහකයෙකු වන්නේ එසේය......



That's How to be a Winner


To be the best that you can be.
Have faith in your ability
Live joyfully and honestly....
That's how to be a winner


Take time to listen and to share.
Be patient, generous and fair.
Threat other with respect and care....
That's how to be a winner.


See beauty everywhere you go.
Appreciate the strength you show.
And seek out to learn and grow....
That's how to be a winner.


Expect good things come to you.
Believe there is nothing you can't do.
Make each day count your whole like through....
That's how to be a winner.

Friday, December 30, 2011

අලුත් අවුරුද්දට ආදරෙයි!





හැමදාම අවුරුදු ඕන නෑ මට. 

මේ මාස දොලහක් අවසානෙ ලබන අලුත් ජනවාරියෙන් පටන් ගන්න  අලුත් අවුරුද්ද ඇරුනාම අප්‍රේල් සිංහල අවුරුද්ද හොඳටෝම ඇති.

මං අලුත් අවුරුද්දට ආදරෙයි! 

 'ආදරේ'.... 

ඉතිං ආදරේ තියෙනවනම්, තවත් මොකටද වචන.... මට මේ කාලෙ වචන හරි හිඟයි. 

අලුත්ම කිරි කිරි අවුරුද්ද ගැන මට දැනෙන ආදරේ කොයි කාටත් දැනෙන බව දන්නව මං. ඔවු  කවුරුත් කීවත් මේ තවත් අවුරුද්දක් විතරමයි කියල, ඒ කවුරුනුත් හිතේ චූටි කොණකින් හරි අවුරුද්දට ආදරේ කරනව.

හා දැන් පොඩියකට නවතින්න! 

අහන්න තම තමුන්ගෙ හිත්වලින්ම කාටවත්ම නෑහෙන ගානට රහසින් ආදරේ නැද්ද කියල ඒ අලුත් කමේ පුසුඹට. හරියටම පුංචි දරුවෙක් තරමටම මම වගේම කවුරුත් ඒකට ආදරේ බව හිතන්න පවා මං හරි කැමතියි.

මේ අලුත් කම හරිම කරදරකාරයෙක් තමයි. ඒත් ඒ කරදරකාර සුන්දර හාදයට මං හරිම ලෙංගතුයි.

අලුත් හුස්මක් හිතට ගේන සීතල තරමට........, 
අලුත් කුසුමක් පෙති අතරෙ පළඳගත්තු පිණි මුතු තරමට.....,
මොකුත්ම නෑ වෙන, ආදරේ තරමට.........

ආදරේ ඇතුලෙ පැක් වෙලා ඉන්න හැම හැඟීමක්ම  අලුත් අවුරුද්දෙ පුංචි හිනා බිංදුවක් එක්ක සිරි සිරියට ඉහිරිල හුළඟට එකතුවෙයි. අපිට අවුරුදු  අවුරුද්දටම දෙපාරයි තමයි. ඒත් ඒ ආදරේ එක්ක ඉහිරෙන හැම හැඟීමක්ම හැමදාටමයි.

මං අලුත් අවුරුද්දට ආදරෙයි! 

එච්චරයි!

(ඔයත් ආදරේ බව රහසක්නම් නෙවෙයි)


################################################################

නිල් පාට!
උඹ මං ආසම පාට,
සමහරවිට
උඹට තිබුනු තැන
සුදු පාටට යන්නත් පුලුවනි තමයි
ඒත්, උඹටත් ආදරෙයි


මල් යාය
ආයෙමත්
මල් වෑරූවොත් 
දුකයි
ඒත්, මතකෙට ආදරෙයි


සිලිලාර
සිඟිත්තන්
තවත් උසයයි තමයි
පරණ ආදරේ නම්
තාමත් එහෙමමයි


කඳුලකුත්, හිනහවට
අත්වැලක් අරං එයි
ජීවිතේ  ගං දෑල
මලුත්, ගල් අපමනයි

එකම ඉර
පායන්නෙ
එකම අහසෙම තමයි
ඒත්, නව වසර ගැන
ආදරේ අපමනයි........



Tuesday, December 13, 2011

රන් (නොවේ)





හදවතේ කැඩපත
සිනාසීයන් උඹ
අද!

බෝනික්කො 
අර, ඈත...
ආන්න ඒ තාලෙටම

Monday, December 12, 2011

හිනා!



හිනාවෙද්දී
කඳුලු එනතුරු
ඇස්වලට,

හිනා උන අය
එකම තාලෙට
ළඟින් හිඳ....



ඇඞෙනකොට
හිත තැලුන 
වෙලාවට,

හිනා වෙති
සරදමට
කඳුලකට....