අන්තිමේ ඈ යන්නට ගියාය!
සිදු නොවියයුතු වූ සියල්ල ඇයට සිදු කිරීමෙන් අනතුරුව ඇයට ඒ ගැහැණු ජීවිතය දරන්නට හැකියාවක්, උවමනාවක් හෝ ආශාවක් ඉතිරි නොවන්නට ඇත.
ඇයට ඒ මොහොතේ ඇගෙ අම්මා සිහිවන්නට ඇත, තාත්තා සිහිවන්නට ඇත, ඔවුන්ගේ උණුහුමේ සුරැකි බව දැඩිව උවමනාවන්නට ඇත. ඈ තනිකම හා අසරණ කම නිසා එක්වරක් මියෙන්නට ඇත.
ඇගේ පෙම්වතාගේ ආදරය තදින් දැනෙන්නට ඇත. ඈ නිසා නොව ඔහු නිසා උපන් ප්‍රේමයේ වේදනාවෙන් ඈ තවවරක් මියෙන්නට ඇත.
ඈ මැවූ හීන! වෛද්‍යවරියකව නෙක දනෝ සුවපත් කරන්නට මැවු හීන, දෙමාපිය ආශිර්වාද මැද මනාලියක වන්නට මැවු හීන, ආදරණීය බිළින්දෙකු කුස දරන්නට මැවු හීන, අම්මා නම් උත්තරීතර පදවියෙන් අභිශේක ලබන්නට මැවු හීන..... අවුරුදු 23ක යෞවනියකව ඈ දුටු හීන එකිනෙක මියෙනු දැක ඈ තව වරක් මියෙන්නට ඇත.
පිරිමින්! සාමූහිකව! ඈ කෙලසද්දී ශල්‍යකර්ම තුනකුත් සිදුකර තවත් පණ රැකගන්නට නොහැකිවන තමට ඈ ඒ මානසික රෝගීන් අතින් කෙතරම් පීඩාවට පත්වන්ට ඇත්දැයි ඔබට හෝ මට හිතාගැනීමටවත් පුලුවනිද?
මුහුණු වසා අධිකරණය වෙත ගෙන ගිය ඒ දූශකයන් නිසා නිරුවත් වූ ඇගේ ආත්ම ගෞරවය නෑදෑයන්, යහලු යෙහෙලියන්, රට, ලෝකය, සමාජය හමුවේ මාධ්‍යයන් ඔස්සේ යලි යලිත් නිරුවත් කෙරෙනු දකින්නට ඈයට සිහියක් තිබුනානම් එතැනදී ඈ යලිත් මියෙන්නට ඇත.
අවසන, විකෘති කාමුකයන් පිරිසක් හෝරාවක් තිස්සේ දූශනය කරනුලදුව, ඒ ගැහැණිය විදවන්නට සලස්වා මරාදමන විටත්, දෑත් වලට විලංගු දැමෙනු ලබූවත්, ස්වේත පෑ උරයකින් ඒ දූශකයන් අනන්‍යතාවය සමාජයෙන් වසන්කරනු ලදුව නීතීය හමුවට ගෙන යද්දී පවා අසරණ ගැහැණිකගේ රත් පෑ රුධිරයෙන් නැහැවුන ඒ ලිඟු ස්වයං වින්දනයේ නොයෙදුනායි සිතන්නේ කෙසේද.
ඈ මියගියාය!(මරා දැමුවාය)
ලෝකය හමුවේ,අධිකරණය හමුවේ, නීතිඥයන් ඉදිරියේ, විටෙක..... ඈ කෙලෙසූ උන් ඉදිරියේ පවා යලි යලිත් නිරුවත් වෙනවාට වඩා සැබැවින්ම ඒ මියයාම(මරාදැමීම) සම්පතකි.
මම පිරිමි ජරා ජාතියකැයි කීමට අකමැත්තෙමි. ගැහැණියකගේ ඇසුරේ ඉපිදැ, හැදි-වැඩී, පෝශණය වී.... ආදරය, ශෘංගාරය, රාගය විඳ, පියකු වීමට විවරණ ලැබ... අවසන ඔහු මියයන්නේද විටෙක ගැහැණියකගේ ඇකයේ බව දැන හෝ නොදැන.... ගැහැණු ජරා ජාතියකැයි පුන පුනා දොඩවන පිරිමි මට කොතෙකුත් මුනගැසී ඇතද මා පිරිමි ජරා ජාතියකැයි නොකියමි. මගේ තාත්තාගෙන්, මගේ ආදරවන්තයාගෙන් 'පිරිමින්' කවුදැයි මා උගත බැවිනි!
ජරා යැයි වර්ග කල හැකි ගැහැණුන් සිටින බව ඇත්තකි. එවන් පිරිමිද සිටියි. ඔවුන් ගැහැණු හෝ පිරිමින් නොව වැරදීමකින් මනුස්ස (මනසින් උසස්) යැයි නම්කෙරුණ අප්පිරියා සහගත ජීවීන් කොටසකි (තිරිසනුන් එවුන් තරම් පහත්ද?)
යොමුකලයුත්තේ කාටදැයි නොතේරෙන එක් පැනයකි. ඒ මිලේඡ්ඡයන්ගේ මුහුණු සමාජය ඉදිරියේ ස්වේත රෙදිකඩකින් වසන්නෙ ඇයි?
නැගණිය ඔබ මැරි මැරී ඉපැදුන, යලියලිත් මරා දැමුන ඒ කාලය නිමාකොට ඔබව ස්ථිරවම මරා දැමුන එක ගැන මා අවසන සැනසුම් සුසුමක් හෙලමි!
මේ කඳුල,
ඒ දුවනි වෙනුවෙන්....
පිය සෙනෙහෙ - මවු සෙනෙහෙ
මිණි කිරුළ බිඳෙද්දී,
පපුතුරේ ඉරිතැලුන
ජීවිතය වෙනුවෙන්....
මේ කඳුල,
ඒ සොයුරි වෙනුවෙන්....
රෝස පැහැ බෝනික්කි - ඇස් වසා නිදද්දී
ඉකිගසා හැඬූ හඬ ,
අහන්නට කෙනෙක් නොවු
ඒ සොයුරි වෙනුවෙන්.....
මේ කඳුල,
ඒ යෙහෙලි වෙනුවෙන්.....
සමනලුන් පියාඹන - වසන්තය හඬද්දී
තටු තැලී පණ ගැසූ,
මල් කැකුළ වෙනුවෙන්......
මේ කඳුල,
ඒ තුරුණි වෙනුවෙන්.....
පැතුම් මල් එකින් එක - උන් තලාදමද්දී
අසරණම ඔත්පලවු,
ඒ තුරුණි වෙනුවෙන්......
මේ කඳුල,
ඒ ගැහැණි වෙනුවෙන්......
දරන්නට කුස පුතෙක් - පරමී පිරූ හිත
දෑස මානේ ලෙයින්
නෑවෙනායුරු දුටුව,
ඒ ගැහැණි වෙනුවෙන්.....
මේ කඳුල,
හෙට ලොවේ
ගැහැණු කම වෙනුවෙන්.....
අතින් අත අයාලේ
ලංසු තැබෙනා තැනෙක,
අසරණව සුසුම්ලන
ගැහැණු කම වෙනුවෙන්......!
rest in peace.....:(
ReplyDelete
ReplyDeleteගොඩක් කරුණු ලියවුන සංවේදී දෙයක් මිත්‍රය..
ඇත්තටම අර උසාවි , පොලීසි ගැන කතාව නම්
හිතට වැදුණා.ජීවිතය නැති වීම දුකක් උනත් ,
ජීවිතය බේරුනා නම් ඇය දහස් වර ඉපදෙමින් මියෙනවා ....
ඇගේ වේදනාව දන්නේ ගැහැණියකම මිස වෙන කවුරුද? දුව. ඇයට සදා සුවය දෙවුලොවදී ලැබේවා!
ReplyDelete