Thursday, December 6, 2012

ලෝකෙ විනාශ උනොත්!!



පැණයකි ඇහෙන ඉඳ-හිට ටික දිනෙක ඉඳන්
කාගෙන්වත් නෙවේ මම මේ මගෙම හිතින්
නිතරම සිතෙන මුත් ඒ සිදු නොවෙන සිතුම්
ලෝකය ඉවර වූවොත් මම කුමක් කරම්?

ඒ මහ විසුලු පැණයක් බව මම දනිමී
විනාස වූ තැන තව මොනවා කරමී?
මොනවා කරන්නෙත් පණ රැකුනොත් පමණී
ලොව හලු උනොත් පණ ගැන මොනවා කියමී?

ඇරඹුන දිනේ සිට මේ යස අවුරුද්ද
හිතෙහී කොණක කෝලම් පෑ රස කවිය
හැබෑවෙන්න ඇත්තේ සති දෙක-තුනය
බෝනස් එකත් දෙන්නේ මේ මස අගය!

අම්මා අතේ පැළඳු ඒ රන් මුදුව
නැතිවී කලක් දැන් පාලුයි මුදුඟිල්ල
අක්කයි මමයි රහසෙම සෑදූ 'ප්ලෑන'
රුපියල් එකතු කර අහවර නෑ තාම!

එන වසරේ සිංහල අවුරුදු කාලේ
ඇහෙන්න නියමිතයි ඒ හුරතල් නාදේ
ලස්සන ගවුම් අන්දන්නට ආසාවේ
ඒවා මහන්නට ඇරඹූවෙත් ඊයේ!

මා ළඟ ඇති  එක ලස්සන දින පොතක
හරි-හරි හැඩැති මනමාළියො ඇලවි ඇත
දවසක් ළඟක හෝ පේනා දුරද නැත
ඔහුත්-මමත්-හීනත් මඟ බලමි තව!

ඔය කී දේය, නොම කිවු දේ බොහෝ ඇත
හැබෑ වෙන්න ඔන්න-මෙන්න හීන වෙත
දැන ඕවා සිතා, දුක් වී පලක් නැත
මේ මස පඩි පතත්  අමතක කරන් හිත!

විසි එක දාට ඉන්නේ කොතැනද පැණය
වදදෙයි හිතට කඳුලුත් උනනව ඇහැට
ඔෆීසියේදී  මැරෙණනට හිතක් නැත
කොහෙ උන්නත් මියෙමි, එනමු දුකකි හිත

ඉතුරු කොලා කියලා තව පලක් නැතී
නිවාඩුවක් දානෙමි ඔය ඉතිරිවැතී
අම්මා, අක්කලා, පොඩිපුතු සමඟ ඉමී
නිවසේ රැඳෙමි, බෑ! ඔහු බෝ දුරක සිටී!

Mobile Phone එදාට වැඩ නැති හංදා
කටහඬ වත් අහන්නේ කොහොමද මංදා
ඔහු ළඟ උන්නොතින් අම්මා දුර හංදා
අයියෝ තනිව මියයමි හිත දුක හංඟා

එදාට හොඳට කා මම නින්දට යනවා
Piriton පෙත්තකුත් සහයට ගෙන යනවා
ලෝකේ පෙරලුනත් මම නම් නිදියනවා
ආයෙත් ඇහැරුනොත් පසු කවියක් දෙනවා.....

3 comments:

  1. ane heenekin wath ehema deyak gana hithanna epooooo......thawa apita karanna koi tharam wada thiyenawada? ane man nam thama jeewithe patan gaththa witharai....katta kala a/l karala campus yanna heena mawagena inna mata 21 wenida wenakota cut off wath dana ganna beri wewi :((((((((((((((

    ReplyDelete
  2. මොනව උනත් මටත් දාල යන්න බැරි කෙනෙක් ඉන්නවා. අපේ චූටි මුණුබුරාව නම් මතක් වෙයි වගේ මට. අනෙක් අය නම් දැන් ටික ටික තනිව ඉන්න හැඩ ගැහේවි නේ.
    ලස්සනයි කවිටික. කොච්චර තව බලාපොරොත්තු ඉතිරි ද?

    ReplyDelete
  3. ලංකාව විනාශ නොවේවා කියල ප්‍රාර්ථනා කරනව මමනම්. මොකද නැත්තන් අපාය හවුස්ෆුල් වෙන නිසා.

    ReplyDelete