අම්මලා
මල් යාය අසබඩ
හීන් දිය පාර කිට්ටුවම
දිගු පාදැති කොකෙක්
තනි කකුලෙන් සීරුවෙන්
කොක් පැටවුන් කූඩුවේ
මග බලාගෙන!
මල් සුවඳ නොදැනෙන
වතුරයට පෙරළෙන
පුංචි මාලු රෑනක්ම
උන්ගෙ මවු වටකර
හරිම වේගෙන් සැලෙයි
මින් මවුගෙ හදවත!
විශ්වයේ කොතැනත්
නොවෙනස්ව
අම්මාගෙ ආදරය!
අනේ ඒක නම් ඇත්ත , කොයි නපුරු සතෙක් උනත් පැටවුන්ට ආදරෙයි. එහෙම තමයි අම්මලා. දරුවන්ට කරදරයක් උනාම හිත සැලෙනවා තමයි.
ReplyDelete