Wednesday, December 12, 2012

අම්මලා




මල් යාය අසබඩ
හීන් දිය පාර කිට්ටුවම
දිගු පාදැති කොකෙක්
තනි කකුලෙන් සීරුවෙන්

කොක් පැටවුන් කූඩුවේ
මග බලාගෙන!

මල් සුවඳ නොදැනෙන
වතුරයට පෙරළෙන
පුංචි මාලු රෑනක්ම
උන්ගෙ මවු වටකර

හරිම වේගෙන් සැලෙයි
මින් මවුගෙ හදවත!

විශ්වයේ කොතැනත්
නොවෙනස්ව

අම්මාගෙ ආදරය!

1 comment:

  1. අනේ ඒක නම් ඇත්ත , කොයි නපුරු සතෙක් උනත් පැටවුන්ට ආදරෙයි. එහෙම තමයි අම්මලා. දරුවන්ට කරදරයක් උනාම හිත සැලෙනවා තමයි.

    ReplyDelete