Friday, July 1, 2011

රිදෙනවද !



වසන්තෙක අගිස්සේ - පිපුන මුදු රතුකුසුම
දුවිල්ලෙ පාට විත් - රත්පැහැය සැඟවීද

සඟවන්නෙ හිරු රැසට - ඉරි තැලුන ලෝකයට
පිණි බිඳිති වෙනුවාට - කඳුලු තැවරුන පෙතිද

පියාඹන තටු ඇත්තො - මුවින් පිට නොවුන ඊ
නෙත් සරින් මුදද්දී - හදවතට රිදුනාද

මලානික පෙති අතරෙ - හැංඟිච්ච තියුනු කටු
විසෙන් පුරවාලන්න - කීවෙ ඒ හදවතද

No comments:

Post a Comment