Thursday, March 17, 2011

කාලයේ හිඟ කමට


සඳ ඇවිත් මොහොතකට
හැන්දෑවෙ අහස වෙත.,
මොහොතකට හෝ මහද
සප්ත ස්වර අසන්නට....,

කඳුල සිර කරමි හද
කාලයේ හිඟ කමට.,
ළඟ රැඳෙන ඇසිල්ලට
කුමට තුටු කඳූල උව....,

දිනෙක යලි මුනගැසෙන
අපේ වෙන නිමේෂේක.,
මා සුසුම් පවසාවි
මුව නොකී කතන්දර....,

ගෙවෙන කාලය අසල
මැලවෙනා හිත එක්ක.,
මුදුව දෑඟිලි බඳිමි
ඔය සුරතෙ උණුහුමට....

No comments:

Post a Comment