Thursday, December 20, 2012

අනේ මන්ද සරත්!




ස්ථානය : පෞද්ගලික බස් රථයක්
වෙලාව  : පෙරවරු 8.00ට පමණ

 වෙනදා බොහෝ දරුණු සටනකින් අනතුරුව, බසයේ පාපුවරුවට ගොඩවී යන ගමනේදී අසුනක් ලැබෙන්නේ එහෙමත් දවසකය. ඒ ලැබෙන්නේද ගමනාන්තයට ඔන්න මෙන්න කියාය. අහෝ!මේ නම් හෙට ලෝකෙ විනාස වෙලා යනවායි කියා එක එක විද්වත්තු රූප පෙට්ටියේ සහ අන්තර්  ජාලයේ එහාටත්, මෙහාටත් එයින් මතු මනු සතුන්ගේ කණටත්, ඉන් හර්දය වස්තුවටත් ඇතුලත් කරවීමට දැරූ දීර්ඝ උත්සහයේ ප්‍රතිඵලයක්ද මන්දාය.

අද නැවැතුමෙන් බසයට ගොඩවූ විගසම සීට් හත - අටක්ම හිස්ව තිබීම මහත් උත්කර්ශවත් හැගීමක් ම-හිතේ ජනිත කලේය. ඒ මදිවාට  වාඩිවෙන්නේ කොයි අසුනේ දැයි සිතාගත නොහැකිව මා සීට් කීපයක්ම පසුකර ඉදිරිරට ගමන් ගැනුනේ දෙසැම්බර් 31 හෝ ජනවාරි පළමුදාවක දී වන් දින වලදී පමණක් උදාවන අනර්ග දුලබ  අවස්ථාව හදිසියේ අත්විඳීමට ලැබීමෙන් ඇතිවූ කම්පනය නිසා වියයුතුයැ. 

 පියවි සිහියට පත් වහාම ලඟම තිබූ  අසුනෙහි අසුන්ගත් මා 'අනේ, හැමදාමත් මෙවන් අනාවැකි ගැන පැවසෙන්නේ නම් කොයිතරම් ෂෝක්දැ'යි හිතමින් පඩුවේ ගමනේ යෙදුනෙමි.

 කොන්දොස්තර මහතා කතා කරම කවදාවත්ම නොලැබෙන ඉතුරු රුපියල මට දුන්නේය. සමහරවිට ලෝකෙ පවතින අන්තිම දවසේ හෝ සදාරණව ඉපැයිය යුතුයැයි ඔහු හිතන්නට ඇත. 

'Traffic ! ඒ මොනවාදැ? '

ජීවිතේට Traffic දැක නැත්තෙකුට අද දින බසයේදී ඔය වචනය අසන්න ලැබුනානම් ඕ එසේ විමසනු ඇත. බසය නැවතුමක මිස  නොනවත්වා ධාවනය වේ. පාරේ වාහන හරි අඩුය. බලන්න ආසාය. 

ප්‍රීතී ප්‍රීතී!

Hello! Ahh Good Morning මචං!
No No I'm On the way මචං!

එක වර Loud Speaker යක් දැම්මා වාගේ කවුදෝ දුරකතන සංවාදයකය. මා ඔහු දුටුවේ නැත. ඒ ඔහු උන්නේ පසුපස අසුනක නිසාය. 

Ah මචං.. මිනිහ මට දවල් කතාකරා.
.......
ඔවු I Acted like I'm in a meeting. & asked him to හවස 6.30ට විතර කතා කරන්න.
And මචං, he called me right at 6.30 and said මහත්තයා අර ........... මහත්තයගෙ (නඩු/ලඝු) පොතක් තියනව කිවුවා.,
...........................
I said ඔවු ඒක තියනව හැබැයි තාම මට ඒක ඔයාට දෙන්න බෑනෙ.
........................
හඃහඃහා.....
හඃහඃහා.....

මචං, Can you Remember that couple? ....... ..... & his Wife?
................
Right,
......................
No men, That Famous Couple.. Girl is ........
....................
Right,
...............
Raaaight,
Okay,
Now you know the couple නෙ

That bugger told that මගෙ Wife නම් ඒ තරම් කොටට අඳින්නෙ නෑ
..................

හඃහඃහා.....
හඃහඃහා.....

~!~

මා ගමනාන්තයට පැමිණ ඇත. 
මා බසයෙන් බැසීමට පිටුපස දොරටුව තෝරාගතිමි!

අහා! අත්දිග කමිසය, ටයි පටිය, Posh කොණ්ඩා විලාසිතාව. ඔහු නම් කදිම තරුණයෙකි 

බාගවිට, ඕපාදූප කියවන්නේ කාන්තාවන් පමණක් නොවන බව ඔප්පු කර, ලෝක විනාසයට මූන දෙන්නට ඔහු තීරණය කරන්නට ඇත!

1 comment:

  1. අද මටත් බෙහෙත් ගන්න තැන දී හැඩට ඇඳ පැළැඳ ගත් හැඩකාර කොලු ගැටයෙන් හම්බ උනා. එයා මාත් සමඟ හිටිය අනෙක් ගැහැණුන් දෙදෙනා සමඟින් හොඳ ඕපා දූප කතාවක නිරත උනා. මම හිතමින්ම හිටියේ කොහොමද ? මේ පිරිමි ඕපා දූප කියවන්නෙ නෑ කියන්නෙ කියල. ඔන්න උදාහරණ එක්ක.කතාව අද මොරටුව පැත්තේ පාසැල් ගුරුවරියක හා දරුවන්ගේ මරාදැමීම සම්බන්දවයි.

    ReplyDelete