සිනිඳු - සිනිඳු සුළඟ එක්ක
පියාඹන්න තටුත් නැතුව
මං වටේට - හරිම හැඩට
පාවෙන්නේ කියන් කෝම....?
පාට - පාට හරි හැඩේට
පේන - නොපෙනෙනා ගානට
දේදුන්නෙ තියෙන ලෙසම
පාට ගෑවෙ කියන් කෝම....?
අල්ලන්නට අත දිග මදි
මං දාලා පියඹන සකි
මං ලොකුවෙන හෙට දවසකි
එදාට නුඹ ඇල්ලුවහැකි....!
....~~~~~~....
බරට රිදෙන,
හිතට දැනෙන,
දුක ඉතිරෙන,
දිවියෙ අරුම.,
සබන් බෝල
වගේ කෝම
හිනැහෙන්නේ
කඳුල ගාව....?
ඉගිලුනාවෙ මා අතහැර
නුඹ වගේම මගේ හීන.,
ජීවිතයම මායවක්
හිතුන තරම් නැහැ සුන්දර….!!
....~~~~~~....
හුරුබුහුටි නිර්මාණයක්.. ලස්සනයි!
ReplyDeleteහරිම ලස්සන සිතුවිල්ලක්! එත් ඔය හරියටම දන්නේ කොහොමද සබන් බෝල හිනාවෙනවා කියල හ්හී හී හී ...:D
ReplyDelete