Friday, March 4, 2011

එදා සහ අද



සිනිඳු - සිනිඳු සුළඟ එක්ක
පියාඹන්න තටුත් නැතුව
මං වටේට - හරිම හැඩට
පාවෙන්නේ කියන් කෝම....?

පාට - පාට හරි හැඩේට
පේන - නොපෙනෙනා ගානට
දේදුන්නෙ තියෙන ලෙසම
පාට ගෑවෙ කියන් කෝම....?

අල්ලන්නට අත දිග මදි
මං දාලා පියඹන සකි
මං ලොකුවෙන හෙට දවසකි
එදාට නුඹ ඇල්ලුවහැකි....!

....~~~~~~....





බරට රිදෙන,
හිතට දැනෙන,
දුක ඉතිරෙන,
දිවියෙ අරුම.,

සබන් බෝල
වගේ කෝම
හිනැහෙන්නේ
කඳුල ගාව....?

ඉගිලුනාවෙ මා අතහැර
නුඹ වගේම මගේ හීන.,
ජීවිතයම මායවක්
හිතුන තරම් නැහැ සුන්ර….!!

....~~~~~~....

2 comments:

  1. හුරුබුහුටි නිර්මාණයක්.. ලස්සනයි!

    ReplyDelete
  2. හරිම ලස්සන සිතුවිල්ලක්! එත් ඔය හරියටම දන්නේ කොහොමද සබන් බෝල හිනාවෙනවා කියල හ්හී හී හී ...:D

    ReplyDelete